පැන්ඩා – සමුරායි බැඳුම්කරවලින් ලංකාවට ඩොලර් එන හැටි

    October, 3, 2018

    ඉදිරියේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් රැස් කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (03) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසූ අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මහ බැංකුව සතුව පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 ක් බවයි.

    එක්සත් ජනපද ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්, ඩොලර් මිලියන 250 ක් බැගින් වූ පැන්ඩා හා සමුරායි බැඳුම්කර නිකුතු දෙකක් හා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ලැබීමට නියමිත ඩොලර් බිලියන 1 ක ණය මුදලක් මගින් මෙම අරමුදල් එක්රැස් කර ගැනීමට නියමිතය.

    මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් පැමිණීමට නියමිත ඩොලර් බිලියන 1 ක ණය මුදල ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවයි.