September, 12, 2024
ශ්‍රී ලාංකේය කිරි කර්මාන්ත ක්ශේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පැල්වත්ත කිරි කර්මාතායතනය, ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ සිය තිර කැපවීම දක්වා සිටීම වෙනුවෙන් සාර්ථක මාධ්‍ය හමුවක් පවත්වන ලදි. සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසර සුරැකුම සඳහා වූ දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මතයන් හා අනුගතව සිය මෙහෙයුම් කටයුතු සිදුකරන අතරවාරයේ ආරක්ෂාසහිත සේවාස්ථානයක් උදෙසා දිරිගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම සමාගම විසින් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කරන ලදි.
පැල්වත්ත කිරි කර්මාන්තය, සිය පරිපූර්ණ ආරක්ෂක උපායමාර්ගයේ කොටසක් ලෙසින්, සේවක සෞඛ්‍යය සහ ආරක්ෂාව (OH&S) සඳහා වූ ගෝලීය ප්‍රමිති සහතිකය වන ISO 45001 හිමිකරගෙන සිටියි. මෙම සහතිකය මගින්, සේවා පරිසරයේ වන අවදානම් අවම කිරීම මෙන්ම වඩාත් උසස් ආරක්ෂිත සේවා තත්ත්වයන් නිර්මානය කිරීම පිණිස වන රාමුවක් ස්ථාපනය කරන්නකි. මෙම ප්‍රමිති සහතිකයේ ප්‍රධාන අරමුණ වන්නේ නායකත්වය සහ සේවක සහභාගීත්වය දිරිගැන්වීම හරහා ආරක්ෂිත සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම, කර්මාන්තශාලා ආඥා පනත වැනි දේශීය නීති පද්ධති මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානය ආදියෙහි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලත්වය සහතික කිරීම සහ ශක්තිමත් අවදානම් තහවුරු කිරීමක් ඔස්සේ සේවා ස්ථානය අනතුරු රහිත පරිසරයක් බවට පත්කිරීමය.
මෙයට අමතරව මෙකී ISO 14001 රාමුවට අනුගත වීම මගින් සිය පාරිසරික කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා වන සිය අඛණ්ඩ උත්සහය පැල්වත්ත කිරිකර්මාන්තායනය විසින් තවදුරටත් විදහාදක්වන ලදි. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ මෙම ප්‍රමිතිය, පාරිසරික බලපෑම් අවම කිරීම පිණිස ව්‍යුහගත ප්‍රවේශයක් සම්පාදනය කරයි. ඒ ඔස්සේ ISO 14001 හි අරමුණුවලට අනුකූලව කඩිනම් බලපෑම් තක්සේරු කිරීම් හරහා හානිකර බලපෑම් වලකාලීමට පැල්වත්ත කිරිකර්මාන්තය ඇපකැපවී ක්‍රියා කරයි. සම්පත් භාවිතය වඩාත් දියුණු කිරීම, නාස්තිය අවම කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව නැංවීම ඔස්සේ තිරසර භාවිතාවන් ඒකබද්ධ කිරීමට ද සමාගම කටයුතු කරයි.
FSSC හෙවත් ‘ආහාර සුරක්ෂිතතා පද්ධති සහතිකය’ යනු පැල්වත්ත කිරි කර්මාන්තායතනය අනුගතව සිටින තවත් සුවිශේෂී රාමුවක් වන අතර එමගින් සිය නිෂ්පාදන සියල්ල ගෝලීය ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බව සහතික කරයි. එසේම, සිය මෙහෙයුම් නිරන්තරයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බව සහතික කරමින් නිතිපතා සිදුවන තක්සේරුකිරීම් සහ විගණන මගින් ආහාර සුරක්ෂිතා භාවිතයන් අඛණ්ඩව ඉහළනැංවීමේ සංස්කෘතියක්ද සමාගම විසින් ප්‍රවර්ධනය කරනු ලැබේ.
ආරක්ෂිත ප්‍රමිතීන් සැකසීමේ කටයුත්තේදී නායකත්වය ගැනීමේ අවශ්‍යතාවත්, ආරක්ෂිත සේවාස්ථානයක් නිර්මානය කිරීමේදී සෑම මට්ටමක සේවකයන්ගේ සක්‍රීය සහභාගීත්වයත් අවධාරණය කරමින් “ ආරක්ෂාව යනු සියල්ලන්ගේ වගකීම බව පැල්වත්ත ආයතනය තුළ අපගේ විශ්වාසයයි. නායකත්වය දිරිගැන්වීම, සේවක සහභාගීත්වය නැංවීම සහ නිරන්තර වැඩිදියුණු කිරීම් ඔස්සේ අපගේ මෙහෙයුම් හරපද්ධතිය තුළට ආරක්ෂාව අන්තර්ගත කිරීම අපගේ අරමුණයි’ යනුවෙන් පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා පවසන ලදි.
“ අනතුරු ශුන්‍ය මෙන්ම ආපදා රහිත පරිසරයක් නිර්මානය කිරීම සඳහා වන අපගේ ඉලක්කය සරල නමුත් එය අතිශය තීරණාත්ම වූවක්. පරිසරය සුරැකීම පැල්වත්ත කිරි කාර්මාතායතනයේ ප්‍රමුඛතාවක් බවට පත්වනුයේ එයට අනුකූලවිය යුතු නිසාවෙන්ම නොව එය අපගේ තිරසර වර්ධන උපායමාර්ගයේ ප්‍රධාන අංගයක් වන බැවින්ය. අප අපනයන වෙළෙඳපොල දක්වා පුළුල් වීමේදී, මෙම ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යෑම මගින් ආරක්ෂාව සහ පාරිසරික වගකීම වෙනුවෙන් වන කැපවීමේ තහවුරුව සමග ගෝලීය වශයෙන් තරගකාරීව රැඳී සිටීම ද තහවුරු කරනු ඇත. FSSC හෙවත් ‘ආහාර සුරක්ෂිතතා පද්ධති සහතිකය’ පවත්වාගැනීමට පැල්වත්ත ආයතනයේ වන කැපවීම මගින් ඉහළම මට්ටමේ ආහාර සුරක්ෂිතතාවක් සහ නියාමන අනුකූලතා පවත්වාගැනීම ඔස්සේ පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ද විශ්වාසය බලගන්වයි” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.
එම කරුණු තවදුරටත් සනාථ කරමින් අදහස් දැක්වූ සහකාර කළමනාකරු - SHEQ ( ආරක්ෂාව, සෞඛ්‍යය, පරිසරය සහ ගුණාත්මක බව පිළිබඳ) චමින්ද ලංකා මහතා “ සිය දෛනික වැඩපිළවෙල සමග ආරක්ෂිත භාවිතාවන් සපුරාම බැඳී ඇති බවට වගබලාගැනීම පිණිස අපගේ සෑම සේවකයකු සමගින්ම අපි සක්‍රියව සම්බන්ධ වෙනවා. අපගේ අරමුණ වනුයේ ආරක්ෂාව පිළිබඳ දෙවරක් නොසිතිය යුතු අන්දමේ පරිසයක් නිර්මානය කිරීමයි” වෘත්තිය සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන අවදානම් කල්තියා හඳුනාගැනීම මෙන්ම ඒවා කළමනාකරණයට ඉඩ සලසාදෙමින් අවදානම් තක්සේරු කිරීම ඔවුන්ගේ ආරක්ෂිත වැඩසටහනේ මුලිකාංගයක් වනු ඇතැයි හෙතෙම තවදුරටත් පවසා සිටියේය.
කර්මාන්තශාලා ආඥා පනත සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මාර්ගෝපදේශ ඇතුළුව දේශීය මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලීමට සමාගමේ වන කැපවීම යළි යළිත් තහවුරු කරමින් අදහස් දැක්වූ නිෂ්පාදන සාමාන්‍යාධිකාරි ලසන්ත සිල්වා මහතා “ දේශීය මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලවීම අපගේ මෙහෙයුම් උපායමාර්ගයේ මූලිකාංගය වන අතර ඉහළම ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම මගින් අප අපගේ සේවකයන්ගේ ආරක්ෂාව සනාථ කරනවා පමණක් නොව කිරි කර්මාන්තයේ වගකීම් සහගත ව්‍යාපාර භාවිතාවක් පිළිබඳ ආදර්ශයක්ද පිරිනමනවා” යැයි පවසයි.
තත්ත්ව කළමනාකරණය සමග ආරක්ෂිත පිළිවෙත් පෙළගැස්වීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරමින් අදහස් දැක්වූ සමාගමේ ජ්‍යේෂ්ඨ තත්ත්ව සහතික කළමනාකරු ශෂිකලා මඩකුඹුර “අපගේ තත්ත්ව සහතික පද්ධති සකසා ඇත්තේ නියාමන ප්‍රමිතීන් සපුරාලීමට පමණක් නොව, අපගේ සේවකයන්ගේ මෙන්ම අපගේ නිෂ්පාදන ගුණාත්මකභාවයේ යහපැවැත්මට බලපෑ හැකි අවදානම් කල් ඇතිව හඳුනාගැනීමටද හැකිවන අයුරින්” යැයි පවසා සිටියාය.
පැල්වත්ත කිරි කර්මාන්තායතනය එහි පාරිසරික කාර්ය සාධනය, සම්පත් කාර්යක්ෂමතාව සහ පරිසර දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙල දියුණු කිරීම පිළිබඳ නිරන්තර අවධානය යොමුකරයි. “ නිරන්තර වැඩිදියුණු කිරීම අපේ ජානගතවූවක්” යැයි පවසන ලසන්ත සිල්වා “ බලශක්ති කාර්යක්ෂමතාව, අපද්‍රව්‍ය අවම කිරීම හෝ සම්පත් ප්‍රශස්තකරණය ආදී ක්‍රමවේද ඔස්සේ අපගේ පාරිසරික පියසටහන් අවම කිරීම සඳහා වූ ක්‍රමවේද අප නිරන්තරයෙන් ගවේෂණය කරමින් සිටිනවා. ISO 14001 සඳහා අපගේ කැපවීම මගින් අප විසින් කරනු ලබන සෑම කටයුත්තක්ම විශිෂ්ටත්වයෙන් යුක්තව ඉටුකිරීම සඳහා අපව පොළඹවනවා”
ආරක්ෂාව, නෛතික අනුකූලතාවන් සහ පාරිසරික තිරසාරත්වය කෙරෙහි ස්ථාවර අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත කිරි නිෂ්පාදන කටයුත්තේදී පැල්වත්ත කිරිකර්මාන්තායතනය නිරන්තරයෙන් පෙරමුණ ගනියි. ISO 45001 සහ ISO 14001 අනුකූලව සවිස්තරාත්මක ආරක්ෂණ වැඩසටහන්වල එකතුවක් ඔස්සේ පැල්වත්ත කිරිකාර්මාන්තායතනය වඩාත් තිරසර අනාගතයක් නිර්මානය කිරීමට සිය කැපවීම දක්වා සිටියි.

Video Story