පිට පිටම නවවන වරටත් කොමර්ෂල් බැංකුව ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට

    July, 4, 2019

    2019 වසරේදී ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර මේ සමගින් මෙම ගෞරවණීය වර්ගීකරණයේ පිට පිටම වසර නවයක් රැුඳී සිටීමට හැකිවූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.
    එක්සත් රාජධානියෙහිිද බෑන්කර්’ ස`ගරාව විසින් වාර්ෂිකව ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 තෝරා ගන්නේ පළමු පෙළ ප‍්‍රාග්ධනය, බදු වලට පෙර ලාභය, සමස්ත වත්කම්, ප‍්‍රාග්ධන වත්කම් අනුපාතය, ප‍්‍රාග්ධනයට අදාළ ප‍්‍රතිලාභය, වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභය, බාසල් ප‍්‍රාග්ධන අනුපාතය, සමස්ත ණය වලින් අක‍්‍රීය ණය අනුපාතය, වත්කම් අනුපාතයට සාපේක්ෂව ණය, සමස්ත වත්කම් අනුපාතයට සාපේක්ෂව බර තබන ලද වත්කම් අවධානම සහ ආදායමට සාපේක්ෂව වියදම් අනුපාතය යන කරුණු පදනම් කර ගනිමිනි. මෙම වර්ගීකරණයේදී මෙම දර්ශක පදනම් කරගනිමින් බැංකුවල විශ්වසනීයභාවය, ලාභදායීතාවය, වත්කම්වල ගුණාත්මක තත්ත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය පිළිබඳව ඇගයීමට ලක් කරයි.

    කොමර්ෂල් බැංකුව මෙවරත් මෙම ගෞරවණීය ලැයිස්තුවට ඇතුළත්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අඛණ්ඩභාවය ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් වෙනවා. බැංකු ව්‍යාපාරික කටයුතු වලදී එය විශේෂයි. ගෝලීය දැවැන්තයින් සමග ස්වාධීනව ඇගයීමට ලක්කර අප වෙත ලබාදුන් ජයග‍්‍රහණය අභියෝගාත්මක සමයක අපගේ කාර්යසාධනය විදහා දැක්වීමට හොඳ උදාහරණයක්. ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු ලැයිස්තුවේ පිට පිටම නම වතාවක් රැුඳී සිටීමට කොමර්ෂල් බැංකුවට හැකිවීම තුළින් පෙන්නුම් කරන්නේ ශ‍්‍රී ලංකාව තුළ තිබෙන අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ වුවත් වසරින් වසර බැංකුව ලබාගත් ශක්තිමත් වර්ධනයයි.’

    ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 2019 ලැයිස්තුවේ ප‍්‍රථම ස්ථාන හතර චීනයේ ඉන්ඩස්ටි‍්‍රයල් ඇන්ඞ් කොමර්ෂල් බැංකුව, චයිනා කන්ස්ට‍්‍රක්ෂන් බැංකුව, චීනයේ ඇග‍්‍රිකල්චරල් බැංකුව සහ බෑන්ක් ඔෆ් චයිනා හිමිකර ගෙන ඇත.

    කොමර්ෂල් බැංකුව 2018 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වසර සඳහා රුපියල් ටි‍්‍රලියන 1.3 ක සමස්ත වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන අතර දළ ආදායම රුපියල් බිලියන 138 ක් විය. මීට අමතරව, රුපියල් බිලියන 17.5 ක ශුද්ධ ලාභයක් බැංකුව මෙම කාලයේදී වාර්තා කර තිබෙන අතර තැන්පතු පදනම රුපියල් බිලියන 983 ක්ද, සමස්ත ණය සහ ලැබීම් රුපියල් බිලියන 861.1 ක්ද වී ඇත.

    මේ අතර, ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත සැලකූවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය (ප‍්‍රාග්ධන ආරක්ෂාවන් සමග* 2018 දෙසැම්බර් 31 වනදා වනවිට 11.338% ක් ලෙස පැවති අතර බාසල් 03 නියාමන අවශ්‍යතාවය වන්නේ 8.875% ක් පමණි. එසේම, සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 15.603% ක් ලෙස පැවති අතර එය බාසල් 03 මාර්ගෝපදේශ යටතේ පැවතිය යුතු අවම ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවය වන 12.875%ට වඩා ඉහළින් පැවතීම කැපී පෙනේ.

    ‘ද බෑන්කර්’ සඟරාව විසින් එළිදක්වා තිබෙන ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 2019 ලැයිස්තුව මගින් ගෝලීය බැංකු කර්මාන්තය පිළිබඳව පුළුල් බුද්ධිමය කරුණු මාලාවක් අනාවරණය කර තිබේ. මෙම වර්ගීකරණයට රටවල් 94 ක ඩොලර් ටි‍්‍රලියන 123 කට වැඩි වත්කම් පිළිබඳ දත්ත ඇතුළත් වේ.
    ලොව හො`දම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම සකස් වන්නේ ලොව විශාලතම බැංකු 5ල000 කට අධික සංඛ්‍යාවක දත්ත උපයෝගීකර ගනිමිනිග බැංකු වර්ගීකරණය හා විශ්ලේෂණය සම්බන්ධ මිණුම් දණ්ඩක් ලෙස ගෝලීය මූල්‍ය ප‍්‍රජාව මෙය පිළිගෙන ඇතග ලොව හො`දම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමිද බෑන්කර්’ විසින් ආරම්භකර තිබෙන්නේ 1970 වසරේදීයිග මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීමල ලොව පුරා සිටින ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්ල ආයතනික භාණ්ඩාගාරිකයින්ල ආයතනික මූල්‍යකරුවන්ල වෘත්තීය සේවා සමාජය සහ තවත් විශාල පිරිසක් සිය ආයෝජන තීරණ ගැනීමේදී වසර පුරා ප‍්‍රයෝජනයට ගනීග
    කොමර්ෂල් බැංකුව සතුව මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 846 ක් සහ බැංකු ශාඛා 266 ක් පවතී. 2018 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.