පිරවුම්හල් රැසකට දවස් දෙකකින් ඉන්ධන ලැබී නැහැ

    March, 24, 2022

    කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉන්ධන පිරවුම්හල් ගණනාවකටම ඊයේ දින සිට අවශ්‍ය ඉන්ධන තොග ලැබී නැති බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ඉන්ධන පිරවුම්හල් හිමියන් කිහිපදෙනෙකු පැවසුවේ ඊයේ සහ අද (24) මධ්‍යහ්නය දක්වා තම පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන තොග ලැබී නොමැති බවයි.

    කෙසේ වෙතත් අද (24) පැවති මාධ්‍ය හමුවක දී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි.