පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඩයලොග් ආසිආටා ආයතනය මනුසත් දෙරණ සමඟ එක්වෙයි

    November, 2, 2020

    ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි  සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සදහා සිය ප්රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේමනුසත් දෙරණ සමඟ ඩයලොග් කරියාන්විතයේදෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය.

    මෙම මෙහෙයුම් කාර්ය තුළදී,  එම ජනතාව හඳුනාගැනීම සඳහා දිස්තරික් ලේකම්වරුන් පරමුඛ රාජ්ය නිලධාරීන්ගේ සහාය මෙම මෙහෙයම් කාර්යය වෙත ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, ඩයලොග් ආයතනයේ සහ දෙරණ ආයතනයන් හි කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම වියළි ආහාර මළු බෙදා හැරීම සිදු කරනු ලබයි.

    රටේ සියලුම පුරවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමේ ක්‍රියාවලියේ සිට ඒවා ඇසුරුම්කරණය සහ බෙදාහැරීමේ කාර්ය රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට පියවර ගෙන ඇත.