May, 8, 2018
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම් දෙක ඒකාබද්ධ වීම සඳහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබේ.
මේ සම්බන්ධයෙන් පීපලස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අදාළ කාලසීමාව මාස 06 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි.
මේ අනුව දීර්ඝ කර ඇති කාලසීමාව 2018 සැප්තැම්බර් 30 දින අවසන් වීමට නියමිතය.
Video Story