පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම පුරෝගාමී ආරම්භයක් ලබාදෙමින් Mobile Credit App හා ‘DCHEQUE’  යෙදවුම් දියත් කරයි

    January, 19, 2022

    ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ (NBFI) ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ඩිජිටල්කරණ ක්ෂේත‍්‍රයේ ඓතිහාසික සලකුණක් සනිටුහන් කරමින් චෙක්පත් මුද්‍රණ කි‍්‍රයාවලිය ඩිජිටල්කරණය හා විමධ්‍යගත කිරීමේ ඩිජිටල් යෙදවුමක් හා මෘදුකාංගයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. CAPP නම් නව යෙඳවුම අන්තර්ජාල අනුමත කිරීම් යටතේ ණය පහසුකම් සැපයීමට උපකාරීවන්නක් වන අතර අඛණ්ඩව සිදුවන එම කි‍්‍රයාවලියෙන් පාරිභෝගිකයන්ගේ කාල කළමනාකරණය වර්ධනය කරන්නකි.

    පීපල්ස් ලීසිං සමාගමේ තොරතුරු තාක්ෂණික කණ්ඩායම විසින් මහජන බැංකුවේ හවුල්කාරත්වය යටතේ නිර්මාණය කළ ‘DCHEQUE’  තවත් එක් විප්ලවීය නවෝත්පාදන ඩිජිටල්කරණ මෘදුකාංගයකි. මෙම නව ගෙවීම් කි‍්‍රයාවලිය දැනට පවතින ‘SLIPS’, ‘CEFT’, ‘RTGS’  හා අභ්‍යන්තර අරමුදල් සම්පේ‍්‍රෂණවලට විකල්පයක් ලෙස යොදාගත හැක. මෙම විසඳුම මහජන බැංකුව සමග එක්ව සැලසුම් කළේ සමාගම විසින් නිකුත්කරන ගෙවීම් නැවත පරීක්ෂා කිරීමේ වඩාත් ආරක්ෂිත හා පාලනය වූ ක‍්‍රමයක් ලෙසිනි. මෙම ‘DCHEQUE’  මෘදුකාංගය තුළින් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛා ජාලයට තම ගෙවීම්, ඩිජිටල්කරණව විද්‍යුත් ලේඛණයක් ලෙස ගෙවීමේ පහසුකම් සැපයෙනු ඇත. මෙහිදී අත්සන් යෙඳීමේ අවශ්‍යතාවක් ඇති නොවන අතර ආරක්ෂිත අනුමත කිරීමේ කි‍්‍රයාවලියක් මගින් ඩිජිටල් අත්සන් මුද්‍රණයවීම ස්වයංකී‍්‍රයව සිදුවේ.

    මෙම නව විසඳුම පිළිබඳව අදහස් දක්වමින් මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසුවේ, තම පළපුරුද්ද හා විශේෂඥතාව තුළින් සම්පූර්ණ යෙදවුමම අභ්‍යන්තර නිර්මාණයක් ලෙස සැලසුම් කිරීම, ආයතන දෙකෙහිම කදිම සංධිස්ථානයක් වන අතර එමගින් සම්ප‍්‍රදායික කඩදාසී පදනම් කරගත් ගෙවීම් කි‍්‍රයාවලිය සහමුලින්ම ඉවත්ව යන බවය.

    තවද මෙම නව ඩිජිටල්කරණ පරිවර්තනය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමත් සමගම පීපල්ස් ලීසිං සියලූ ශාඛාවන්ට තම පාරිභෝගිකයන් වෙත ලබාදෙන චෙක්පත් ප‍්‍රමාදයකින් තොරව මුද්‍රණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම තමා සිටින ස්ථානය ගැන සැලකිලිමත් නොවෙමින් පාරිභෝගිකයන්ට තම කැමැත්තට අනුව චෙක්පත් ලබාගැනීමේ හැකියාව මෙය තුළින් ලැබේ.

    ඩිජිටල් ‘Credit Application’ (CAPP) හා ‘DCHEQUE’ යෙදවුම් දියත්කිරීමේ අවස්ථාව අමතමින් පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ ‘ණය අයඳුම්පත් කි‍්‍රයාවලියට ගතවන කාලය හේතුවෙන් එම අලෙවියට බොහෝ බාධා හා වැළකීම් සිදුවිය හැකි බවය. සාර්ථක ගනුදෙනුවක් අවසන් කිරීමට උපකාරීවන විශ්වාසදායි ණය තක්සේරු කිරීමක සහයෝගය කෙතරම්ම වැදගත්ද යන්න අපට පූර්ණ වැටහීමක් තිබුණි. කෙසේ හෝ ණය අයඳුම්පතක් සම්බන්ධයෙන් තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට දිගු හා වෙහෙසකර කි‍්‍රයාවලියක් සිදුවන විට එම අලෙවිකරණ කි‍්‍රයාවලියට දැඩි අවහිරවීමක් සිදුවෙනවා. සැබවින්ම ඇතැම් අලෙවි අවස්ථාවන් එයින් අහිමි වී යා හැකියි. තවද මෙම නව පරිගණක යෙදවුම මගින් ගතවන කාලය නම් සාධකය අවමවීමක් සිදුවෙනවා.’ යන්නය.

    නමුත් තම අයඳුම්පත යොමු කිරීමට පාරිභෝගිකයන් විසින් අවශ්‍ය තොරතුරු වඩාත් නිවැරදිව සැපයීම මෙම අන්තර්ජාල ණය අයඳුම්කිරීමේ ක‍්‍රමවේදයට අත්‍යවශ්‍ය වූවකි. එහෙයින් එය අසම්පූර්ණ අයඳුම්පත් විශාල ප‍්‍රමාණයක් මෙන්ම තවත් තොරතුරු සොයාබැලීමේ අවශ්‍යතාවද අඩුවීමකි. අප වැනි ප‍්‍රමුඛ මූල්‍ය සමාගම්වලට නව පාරිභෝගික අයඳුම්පත් විශාල ප‍්‍රමාණයක් දිනකට ලැබේ. නමුත් මෙම අන්තර්ජාල ඒකාබද්ධ ක‍්‍රමවේදය යටතේ අයඳුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ කාලය දින ගණන්වලින් පැය ගණන්වලට අඩු කරගත හැකි බව ෂමින්ද්‍ර මර්සිලින් මහතා තවදුරටත් පැවසීය.

    පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී, තොරතුරු තාක්ෂණ (සමූහ& ප‍්‍රභාත් ගුණසේන මහතා සඳහන් කළේ දේශීය හැකියාවන් මුල් කරගනිමින් මෙම යෙදවුම් අභ්‍යන්තරිකව සැලසුම් කළ නිසා පිටස්තර සේවා පහසුකම් ලබාගැනීමට වැයවන පිරිවැයට වඩා ඉතා ලාභදායි වීම මෙහි විශේෂත්වයක් බවය.

    මෙම යෙදවුම මගින් ණය අයඳුම්පත් තක්සේරු කිරීමට උපකාරීවන ලෙසින් විවිධ ණය තොරතුරු මූලාශ‍්‍රයන් මගින් ලබාගන්නා දත්ත නිතරම ණය අයඳුම්පත් කි‍්‍රයාවලියට අනුගත කළ හැකියි. තවද අන්තර්ජාල ක‍්‍රමවේද යටතේ අලෙවි, ගිණුම්, නීතී හා වෙනත් අදාල අංශ සමග මුළු කි‍්‍රයාවලියම ඒකාබද්ධ කිරීමේ හැකියාවද තිබෙන බව ගුණසේන මහතා තවදුරටත් විස්තර කළේය.

    භාවිතා කරන්නන්ට වඩාත් පහසුකම් සළසන ‘PLC-Touch’ නම් ජංගම දුරකතන යෙදවුමක්ද මෑතකදී පීපල්ස් ලීසිං සමාගම විසින් පාරිභෝගිකයන් වෙත හඳුන්වා දුනි. නවතම තාක්ෂණික පහසුකම්වලින් යුත් මෙම ජංගම දුරකතන යෙදවුම රක්ෂණ උපාංග වැනි ඵලදායි අංග රැසකින් සමන්විත වන අතර එය ප‍්‍රථම වරට ශී‍්‍ර ලංකාවේ බැංකු පද්ධතියට හඳුන්වාදුන් යෙදවුමක්ද වේ.

    පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයකිිි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.