පීපල්ස් ලීසිං සමාගම Brand Finance Awards – 2018 හි ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර වටිනාම සන්නාමය ලෙස කිරුළු පළඳී

    April, 15, 2018

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශී‍්‍ර ලංකාවේ ‘වටිනාම හා ප‍්‍රබලතම සන්නාම’ (Most Valuable & Strongest Brands) ශ්‍රේණිගත කරන Brand Finance Awards - 2018 හි ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස පසුගියදා ඇගයීමට පාත‍්‍ර විය. ශී‍්‍ර ලංකාවේ ‘වටිනාම හා ප‍්‍රබලතම සන්නාම’ ශ්‍රේණිගත කිරීමේ පුරෝගාමී ආයතනය වන Brand Finance Lanka විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘Brand Finance 100’ ලැයිස්තුව ප‍්‍රකාශගතකිරීම  හා එම ඇගයීම් ප‍්‍රදානය අඛණ්ඩව 15 වන වරටත් පසුගියදා කොළඹදී පැවැත්විණ. එමෙන්ම එහිදී පීපල්ස් ලීසිං සමාගම මෙරට වටිනාතම පාරිභෝගික සන්නාම නාම අතරට එක්වීමද සුවිශේෂීත්වයකි.

     

    වටිනාම හා ප‍්‍රබලතම සන්නාම 100  හඳුනා ගැනෙන්නේ ස්වාධීන අලෙවි සමීක්ෂණ ආයතනයක විසින් සිදුකරන සවිස්තරාත්මක හා අපක්ෂපාතී අලෙවි සමීක්ෂණයකින් ලබාගත් දත්ත හා කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත සමාගම් පිළිබඳව ප‍්‍රසිද්ධ කර ඇති මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු පදනම් කරගනිමිනි. ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ සන්නාමයන් හි වටිනාකම හා ප‍්‍රබලත්වය විමසා බලන Brand Finance Lanka ආයතනයෙහි මූලස්ථානය බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටා ඇති අතර, එහි නියෝජනය ශ‍්‍රී ලංකාව  ඇතුළු රටවල් රැසක නියෝජිත ශාඛා ජාලයක් හරහා පිහිටුවා ඇත.

     

    "Brand Finance 100" ලැයිස්තුයෙහි හි ශී‍්‍ර ලංකාවේ වඩාත් වටිනාතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස පීපල්ස් ලීසිං සමාගම කිරුළු පැළැඳීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි, ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, ‘ශී‍්‍ර ලංකාවේ වටිනාම හා ප‍්‍රබලතම වෙළෙඳ සන්නාම ශේණිගත කිරීමේ පුරෝගාමී ආයතනයක් වන්නේ Brand Finance Lanka ආයතනයයි. එවැන්නකින්, පීපල්ස් ලීසිං සමාගම බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප‍්‍රමුඛයා ලෙස තේරී පත්වීම අප සමාගම ලද සුවිශේෂී ජයග‍්‍රහණයක්. එමෙන්ම එමගින් අප සමාගමේ සවිමත්බව, විශිෂ්ට සේවාව පිළිබඳව, කෙතරම් වටිනාකමකින් යුතුව මෙරට ජනතාව අගය කරන්නේද යන්න යළිත් සනාථ වූවා’ යන්නයි.

     

    ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වාසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

     

    සමාගම විසින් ලබා දෙන  මූල්‍ය සේවාවන් අතර ලීසිං, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු,ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

    දිිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය තුළින්  මූල්‍ය සේවාවන් එකම වහලක් යටදී ලබාගත හැකිවීමත් නවීන තාක්ෂණය හරහා මූල්‍යකරණය ගණුදෙනුකාරභවතුන් හට සමීප කිරීමට කටයුතු කිරීමත් නිසා  සුහදශීලී මූල්‍ය සේවාවන් කඩිනමින් හා පහසුවෙන් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

     

    ඡයාරූප විස්තරය - ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර වඩාත් වටිනා සන්නාමය ලෙස පීපල්ස් ලීසිං සමාගමට හිමි ඇගයීම් සහතිකය, ඊර්බා ත්‍සබ්බජැ ඛ්බන් කළමනාකාර අධ්‍යක්ෂ රුචි ගුණවර්ධන මහතා විසින් පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි, ලක්සඳ ගුණවර්ධන මහතා වෙත ප‍්‍රදානය කිරීමේ අවස්ථාවයි.