පුරුෂයින්ට පමණක් සීමා වූ රැකියාවන් සඳහා කාන්තාවන් යොමු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 3 ක්

    September, 12, 2018

    කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ කාන්තා පුහුණුලාභීන් අතර ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම, මෙතෙක් පුරුෂයින්ට පමණක් සීමා වී පවතින රැකියා අවස්ථා සඳහා කාන්තාවන් යොමු කිරීම සහ නැගී එන රැකියා අවස්ථා සඳහා කාන්තා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් ලබා දීමට එතඟතාව පළ කර තිබේ.

    අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්ලෑන් ඉන්ටර්නැෂනල් ඕස්ට්‍රේලියා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මෙවර පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය හිමිව තිබේ.