පෙට්‍රල් රු. 20 කින් වැඩිවෙද්දී ලංකා IOC කොටස් මිල 32% කින් ඉහළට

    December, 22, 2021

    මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC සමාගමේ කොටසක මිල අද දිනයේ දී  32.59% ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කරන ලදී.

    මේ අනුව ඊයේ (21) දිනයේ දී රු. 49.10 ක් ලෙසින් සටහන් වූ ලංකා IOC  කොටසක මිල අද (22) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 65.10 ක් ලෙසින් සටහන් වූ අතර මෙය රු. 16.00 ක වැඩි වීමකි.

    මේ අතර දෙසැම්බර් මාසය ආරම්භයේ දී ලංකා IOC කොටසක මිල රු. 28.00 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර දෙසැම්බර් මාසය තුළ අද දින දක්වා කාලය තුළ දී පමණක් 132% කින් එය වර්ධනය වී තිබේ.

    පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ සිට මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණු අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දැමුණි.