පේ‍්‍රෂණ ගනුදෙනු කරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ‘ගෙදරට තෑගි’ වැඩසටහන යළිත් අරඹයි

    May, 7, 2018

    Hyundai Eon මෝටර් රථයක් සහ ස්කූටරයක් සමග රුපියල් මිලියන 05 ක තෑගි

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට ඉදිරි මාස නමයක කාල සීමාව තුළදී මෝටර් රථයක්, ස්කූටරයක්, තවත් වටිනා ගේ දොර උපකරණ 180 ක් ඇතුළු රුපියල් මිලියන 05 ක් වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

    කොමර්ෂල් බැංකුව විසින් සිය පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පවත්වන ‘ගෙදරට තෑගි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහන යළිත් බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර මේ යටතේ ඉදිරි මාස නමය තුළදී සෑම කාර්තුවකදීම ත්‍යාග 45 ක් බැගින් දිනා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වේග මෙම ප‍්‍රවර්ධන වැඩසටහන අවසානයේදී පවත්වන මහා දිනුම් ඇදීමේදී ත්‍යාග 47 ක් ප‍්‍රදානය කරනු ඇත.

    මෙහිදී, පළමු ත්‍යාගය වන Hyundai Eon මෝටර් රථයට අමතරව දෙවන ත්‍යාගය ලෙස මෝටර් ස්කූටර් එකක් ප‍්‍රදානය කරනු ඇත. මීට අමතරව, ශීතකරණ 15 ක්, රෙදි සෝදන යන්ත‍්‍ර 15 ක්, මයික්‍රෝ වේව් අවන් 15 ක් මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ අවසාන මහා දිනුම් ඇදීම අවසන් වනවිට ලබාදෙනු ඇත.

    දිනුම් ඇදීම සිදුවන කාර්තු තුන තුළදී සෑම කාර්තුවකදීම බැංකුව තුළින් පසුගිය මාස තුන තුළදී පේ‍්‍රෂණ මුදල් ලබාගත් ගනුදෙනු කරුවන්ට එකක් රුපියල් 15,000 ක් වටිනා හැම්පර් 15 ක් ගෑස් කුකර් 15 ක් සහ රයිස් කුකර් 15 ක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ.

    කොමර්ෂල් බැංකුවට අයත් ඊ-එක්ස්චේන්ජ් මුදල් හුවමාරු සේවාව මෙන්ම මනිග‍්‍රෑම්, එක්ස්ප‍්‍රස් මනී සහ රියා පේ‍්‍රෂණ සේවාවන් ඔස්සේ 2018 අපේ‍්‍රල් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සෑම කාර්තුවකටම වරක්ම පවත්වන ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සුදුසුකම් ලබයි.

    වීසා සන්නාමය සහිත ක්‍රෙඩිට් කාඞ් පතක් මෙන්ම ස්වයංක‍්‍රීය ටෙලර් පතක් ලෙස භාවිතා කළ හැකි කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ පතක් හිමිල අදාළ කාලය තුල කොමර්ෂල් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තමන්ගේ දිනුම් අවස්ථාවන් දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවේ.

     

    ‘මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ලබාදී තිබෙන ‘ගෙදරට තෑගි’ යන නමට ගැලපෙන ලෙසම අපගේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට හැකිවන තෑගි මේ යටතේ ලබාදෙනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකවේ ඩිජිටල් බැංකු අංශයේ ප‍්‍රධානී, ප‍්‍රදීප් බන්දුවංශ මහතා පැවසීය. ‘පේ‍්‍රෂණ අංශයේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කැපවී සිටින කොමර්ෂල් බැංකුව මේ වනවිටත් පේ‍්‍රෂණ සඳහා ලංකාවේ ප‍්‍රියතම බැංකුව බවට පත්වී සිටිනවා. පේ‍්‍රෂණ ගනුදෙනු කරුවන්ට දිවයින පුරාම විහිදී තිබෙන බැංකුවේ ශාඛා සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය තුළින් වඩාත් පහසුවක් ඇතිවී තිබෙනවා.’

    මෙරට පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රයේ වඩාත් සක‍්‍රීය බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර බැංකුවේ ශක්තීන්ගෙන් ප‍්‍රධාන එකක් වන්නේ දිවයින පුරා විහිදුණු ශාඛා 261 ක ජාලය වන අතර මේවායින් බොහෝ ප‍්‍රමාණයක් රජයේ වෙළඳ සහ බැංකු නිවාඩු දිනයන්හිදීත් විවෘතව පවතී. මීට අමතරව, ටෙලර් යන්ත‍්‍ර 758 කින් සමන්විත බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය ශ‍්‍රී ලංකාවේ තනි පෞද්ගලික බැංකුවක් සතුව තිබෙන විශාලතම ස්වයංක‍්‍රීයව මුදල් නිකුත් කිරීමේ පද්ධතිය වේ. බැංකුව සතුව තිබෙන 65 කට අධික නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන, පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන්වූ පාරිභෝගික සහාය ඇමතුම් මධ්‍යස්ථානය සහ පේ‍්‍රෂණ මුදල් පැමිණි විට සහ ගෙවූ විට ඒ පිළිබඳව කෙටි පණිවුඩයකින් දැනුම් දීමේ සේවාවන් ඇතුළු සේවාවන් රැුසක පහසුව භුක්ති විඳීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ මුදල් ගනුදෙනු කරුවන්ට ලබාදී ඇත.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වේ. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.