පොල් වගාවට නව රක්ෂණ ක්‍රමයක්

    September, 3, 2025

    නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පොල් වගාකරුවන්ට හඳුන්වා දී තිබේ.

    මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 01ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 01 ක් සඳහා රු.67.50/- වන අතර රක්ෂණ ආවරණය පැළ 01 ක් සඳහා රු.550/- ක් වේ.

    පොල් වගා කිරීමේ මණ්ඩලයත්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය මඟින් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම්, වන අලි හානි, වන සත්ව හානි, අකුණු, පළිබෝධ තත්ත්වයන්ගෙන් පොල් වගාව ආවරණය කරනු ලැබේ.

    Video Story

    Stock Market

    Exchange Rates