පොලිසියට ජීප් 750 ක් ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමෙන්

    January, 4, 2022

    පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ජීප් රථ 150 ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Line of Credit) යටෙත් මිල දී ගැනීම පිණිස 2020 නොවැම්බර් මස 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව ඉන්දියානු අපනයන ආනයන බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සමාගම් වෙතින් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.