January, 12, 2021
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය 2021 ජනවාරි 19 වැනි දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
මෙහිදී දැනට පවත්නා ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යන්නේද, නැතහොත් ඉහළ පහළ යාමක් සිදුවන්නේ ද යන්න දැනුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කරන ලදී.
Video Story