ප‍්‍රමුඛ බැංකු තාක්ෂණ විශේෂඥයෙකු ශ‍්‍රී ලංකා-සිංගප්පූරු දෙරටේ වෙනස්කම් පිළිබඳව නව කෘතියක් එළි දක්වයි

    September, 11, 2018

    අජිත් කනගසුන්දරම් විසින් රචිත දෙරටක කතාන්දරයමගින් රටවල් දෙක පිළිබඳ විවෘත විග‍්‍රහයක්

    මන්දගාමීව ගමන් කරන ශ‍්‍රී ලංකාව පළවෙනි ලෝකයේ රටක් බවට පත්කිරීමේ අවස්ථාව සිංගප්පූරුවේ අසහාය නායක ලී ක්වාන් යූ වෙත ලබාදුන්නා නම් ඔහුට එය කළ හැකිව තිබුණාද?

    ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව බොහෝ ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් වන මේ වකවානුවේදී සිත්ගන්නා සුළු මෙම පැනයට පිළිතුරු ලබාගත හැකි නව කෘතියක් මෙම රටවල් දෙකේම ජීවත්වී දශක ගණනාවක සමීප ජීවන අත්දැකීම් ඇසුරින් පුද්ගලයෙකු විසින් රචනා කර තිබේ.

    ‘දෙරටක කතාන්දරය’ ^A tale of two countries& (රාවය ප‍්‍රකාශකයෝ) ලෙස නම්කර තිබෙන මෙම කෘතිය රචනා කර තිබෙන්නේ මෙරට කීර්තිමත් සිවිල් සේවකයෙකු සහ ගල්ඔය මණ්ඩලයේ පළමු සභාපතිවරයා මෙන්ම ඞී.එස්. සේනානායක අග‍්‍රාමාත්‍යවරයාගේ සමීපමතයෙකු ලෙසින් කටයුතු කළ කේ. කනගසුන්දරම් මහතාගේ පුත‍්‍රයා වන අජිත් කනගසුන්දරම් මහතායි. මෙම කෘතිය තුළින් ශ‍්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ සංවර්ධන කටයුතු සිදුවූ ආකාරය විග‍්‍රහ කරන අතර කෘතියට තවත් ලිපි අටක් ඇතුළත් වේ. මෙම ලිපි මගින් නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ තීරණාත්මක සමහර වෙනස්වීම් පිළිබඳවත් ඒවා රටේ ඉදිරිගමනට හෝ පසුගාමීත්වයට දායක වූ ආකාරයත් විශ්ලේෂණය කර ඇත.

    මෙම ලිපි පෙළ මගින් ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව ඇස් අවදිකරන ආන්දෝලනාත්මක මෙන්ම විද්වත් බුද්ධිමය සහ අවංක මිශ‍්‍ර විශ්ලේෂණයක් සිදුකර තිබෙන අතර හමුවන සෑම තැනකදීම දේශපාලනය කතා කරන දේශපාලනය සඳහා ඉතාමත් සංවේදී පිරිසක් වන ශී‍්‍ර ලාංකිකයින් ගේ සංවාදයට මෙම කෘතිය භාජනය වීම නොඅනුමානය.

    මෙම කෘතියේ පෙරවදන ලියමින් දේශමාන්‍ය තිස්ස දේවේන්ද්‍ර මහතා මෙසේ සඳහන් කර තිබේ. ‘මෙය ශ‍්‍රී ලංකාවේ සියළුම දේශපාලනඥයින්, ආර්ථික විශේෂඥයින්, විද්වතුන් සහ සාමාන්‍ය පාඨකයා අනිවාර්යෙන්ම කියවිය යුතුම පොතක්.’

    එක්තරා කාලයකදී ශ‍්‍රී ලංකාව මෙන් විය යුතුයැයි සිහින මැවූ සිංගප්පූරුව පළවැනි ලෝකයේ රටක් වෙද්දී ශ‍්‍රී ලංකාව වර්තමානයේ තිබෙන තත්ත්වයට පත්වීමට හේතුව ගෙනහැර දැක්වීමට පෙර මෙම ලිපි මගින් ශ‍්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ජාතික පැවැත්ම පිළිබඳව අංශ පහක් යටතේ විග‍්‍රහ කර තිබේ. මෙම අංශ පහ අතරට ජාතිය ගොඩනැංවීම, අධ්‍යාපනය, ජාතික සංස්ථා, ¥ෂණය සහ පාලනය ඇතුළත් වේ.

    මෙම ලිපි මාලාව ආරම්භ කර තිබෙන්නේ සිංගප්පූරුවේ සුළු ජන කොටස් වූ ඉන්දියානු සහ මැලේ ජාතිකයින්ට එරට සංවර්ධන කටයුතු සඳහා දායකවීමට හැකිවන පරිදි සිංගප්පූරුව ප‍්‍රතිපත්ති සකස් කරද්දී ශ‍්‍රී ලංකාව සිංහලට වඩාත් ලැදි අයුරින් පරිපාලන කටයුතු ගෙනගිය ආකාරය විග‍්‍රහ කරමිනි. එසේම, මෙරට ගුවන් සේවා සහ විදුලිබල අංශයේ තිබෙන ¥ෂණ වාර්තාවන් පිළිබඳවද මෙහිදී සංසන්දය කරමින් විශ්ලේෂණාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කර තිබේ. එසේම, මෙරට තිබූ ‘සුදු වෑන්’ සංස්කෘතිය පිළිබඳවද මෙම කෘතියේ සඳහන්ව ඇත. කෙසේවෙතත්, මෙරට යුද්ධය අවසන් කාලයේදී සිවිල් වැසියන් ඝාතනයවීම පිළිබඳව සමබර දැක්මකින් කරුණු ඉදිරිපත් කරන එකම දෙමළ කතුවරයා මොහු වන්නට පුළුවන. මෙය යුධ අපරාධ බවත්ල නොසැලකිල්ල නිසා ඇති වූ සමපාර්ෂවීය හානියක් බවත් ඔහු ප‍්‍රකාශ කරයිග මීට අමතරව, ලංකාවේ දෙමළ වැසියන් විසින් සිංගප්පූරුවේ මුල්කාලීන සංවර්ධන සහ පරිපාලන කටයුතු සඳහා දැක්වූ දායකත්වය අනාවරණය කරන ඉතාමත් සිත්ගන්නාසුළු කොටසක්ද මෙම ලිපි පෙළට අන්තර්ගතය.

    මෙහිදී, කතුවරයා විසින් ආන්දෝලනාත්මකව අදහස් දක්වමින් පවසන්නේ ශ‍්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුත්තේ සිංගප්පූරුව නොව තමිල්නාඩුව බවයි.

    මෙම ලිපි පෙළටිගල්ඔය ව්‍යාපෘතියට වසර 60 ක්,’මහවැලි ව්‍යාපෘතිය,’අප විනාශ කළ විදග්ධ ජනයා,’රැගෙන යන්න මා සඳ වෙත,’අපරාධය හා දඩූවම,’උමගය කෙළවර දුර්දශාව,’ලාංකික දමිළයන් සිංගප්පූරුව වෙනුවෙන් වැය කරන විදේශීය නිපුණතා හා සිදුකරන සම්ප‍්‍රදායන්  සහ පරිමිත ලොවක ගොවිතැන’ යන ලිපි ඇතුළත් වේ.

    අජිත් කනගසුන්දරම් මහතා ක්‍රෙම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලබා තිබෙන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව පරිගණකගත කිරීමේ වැඩසටහනේ පුරෝගාමියෙකි. 1983 දී ඇතිවූ ජාතිවාදී කලබල හේතුවෙන් ඒ මහතාට සිංගප්පූරුවට යෑමට බල කෙරුණි. සිංගප්පූරුව තුළදී ඒ මහතා ජපානයෙන් පිට ආසියාවේ විශාලතම වාණිජ දත්ත මධ්‍යස්ථානය ක්‍සඑස බැංකුව වෙනුවෙන් නිර්මාණය කළ අතර ලෝකය පුරා ව්‍යාපාර 38 ක් සහ ක්‍සඑස බැංකුව වෙනුවෙන් ලෝකයේ පළමු වතාවට ජාත්‍යන්තර ගෙවීම් සහ ක්‍රෙඩිට් කාඞ් පද්ධතිය නිර්මාණය කළේය. 2005 වසරේදී කනගසුන්දරම් මහතා ගිනිකොන දිග ආසියාවේ විශාලතම වාණිජ බැංකුව වන DBS බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් පත්වූ අතර එහි තාක්ෂණ කටයුතු සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව වගකීම් දැරීය. ඔහු මේ වනවිට, සූර්ය බලය සහ සාගර තාප බලශක්තිය පදනම් කරගත් පුනර්ජනනීය බලශක්ති සමාගමක් ක‍්‍රියාත්මක කරන අතර එම සමාගමේ වත්කම් ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ තිබේ.

    ‘දෙරටක කතාන්දරය’ නමැති පිටු 160 කින් සමන්විත මෙම කෘතියේ පිටපතක මිල රුපියල් 280 ක් වන අතර මෙම කෘතිය විජිතයාපා පොත්සැල් වලින් මිලදීගත හැක. සැප්තැම්බර් 21 සිට 30 වනදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී මෙම කෘතිය වට්ටම් කළ මිලකට මිලදීගත හැකිය.

    මෙම කෘතියේ කතුවරයා පවසන්නේ කෘතිය අලෙවියෙන් ලැබෙන සියළුම මුදල්යුද්ධයෙන් පීඩා විඳි දෙපාර්ශවයේම වැන්දඹුවන්ට උපකාර කිරීමට ලබාදෙන බවයි. ‘පසුගිය වසර 70 ක කාලය තුළදී සාධාරණව සහ කරුණාවන්ත ලෙස පරිපාලන කටයුතු සිදුකිරීමට අපට නොහැකිවීමෙන් සත්‍ය වශයෙන්ම පීඩාවට ලක්වූයේ මොවුන්.’ යනුවෙන් කතුවරයා වැඩිදුරටත් සඳහන් කරයි.