ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි

    February, 28, 2019

    ප‍්‍රීමා සමූහයට අයත් ප‍්‍රමුඛතම සමාගමක් වන ප‍්‍රීමා සිලෝන් සමාගම 40 වසරක් පුරා දේශයේ සංවර්ධනයට උර දෙමින් මෙරට ආර්ථික හා ව්‍යාපාර ලොව තුළ ඉටු කළ මෙහෙවර පසුගිය දා උත්කර්ෂවත්ව සමරනු ලැබිණ. එම සැමරුම පැවැත්වූයේ එකම වහළක් යටතේ නිර්මාණය වූ ලොව විශාලතම පිටි ඇඹරුම්හල් අතුරින් එකක් වශයෙන් වාර්තා ගත ත‍්‍රිකුණාමලයේ පිහිටි ප‍්‍රීමා පිටි නිෂ්පාදනාගාර සංකීර්ණයේදීය.

    1977 දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සෘජු විදේශ ආයෝජනය ලෙසින් සැළකෙන ප‍්‍රීමා සිලෝන් හි ප‍්‍රධානතම ව්‍යාපාරය වන්නේ තිරිඟු පිටි නිෂ්පාදනය හා බෙදාහැරීමයි.

    දශක 4ක් පුරා ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, විදේශ සංචිත, රැුකියා අවස්ථා, දේශීය බේකරි කර්මාන්තය සහ ඒ ආශ‍්‍රිත කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා ප‍්‍රීමා අද්විතීය කාර්්‍යය භාරයක් ඉටු කර ඇත. ”ඔබේ සංවර්ධනයට විසඳුම් අපි පිරිනමන්නෙමු” යන අරමුණ පෙරදැරිව ප‍්‍රීමා මෙරට ආර්ථික සංවර්ධනය සඳහා මහඟු පිටු බලයක් ලබා දී ඇත.

    සිය 40 වැනි සංවත්සරය නිමිත්තෙන් ප‍්‍රීමා සිලෝන් සමාගම දිවයින පුරා විසිර සිටින ආහාර නිෂ්පාදන ක්ෂේත‍්‍රය නව්‍යකරණයට ලක් කරමින් විශිෂ්ටතා දැක් වූ ව්‍යවසායකයින්ට උපහාර පිදීමේ වැඩ පිළිවෙලක් දියත් කිරීමට සැලසුම් කොට ඇත. අනාගත ව්‍යවසායකයින් සහ සුළු ව්‍යාපාරයන් අභිපේ‍්‍රරණය කරමින් බේකරි කර්මාන්තය සහ තිරිඟු පිටි ආශ‍්‍රිත ව්‍යාපාරවල ප‍්‍රමිතිය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි පරමාර්ථයයි.

    ”ඔබේ ප‍්‍රගතිය අපේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව නිර්මාණය වූ මෙම වැඩ සටහන හරහා ඉකුත් හතලිස් වසරක් පුරා මෙරට සාර්ථක ව්‍යාපාරිකයන් සිදු කළ කැප කිරීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, දේශීය ආර්ථික වර්ධනයට දායක වීම, දේශයේ ප‍්‍රජාවන්ට සහය වීම සහ නව සොයාගැනීම් වැනි ඵලදායී දායකත්වයන් සැළකිල්ලට ගනිමින් උපහාර දක්වනු ඇත. මෙතෙක් කලක් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ඇගයීමට ලක් නොවූ ව්‍යාපාරික නිපුණයන් සොයා ඔවුන්ගේ ජීවිත කතා සහ අත්දැකීම් මහජනයාට අනාවරණය කරමින් ඔවුන් ගෞරවයට ලක් කිරීම මෙහි අරමුණයි.

    වසර 40ක් පුරා ශ‍්‍රී ලංකාව සමඟ පැවති සහයෝගීත්වය සමරනු වස් ප‍්‍රීමා සමාගම, සිංගප්පූරු කළමනාකරණ සරසවිය (Singapore Management University) සමඟ අත්වැල් බැඳ ගනිමින් එම සරසවියෙහි අධ්‍යාපනය හදාරන ශ‍්‍රී ලාංකීය සිසුන්ගේ අභිවෘධිය උදෙසා සිංගප්පූරු ඩොලර් මිලියන 2ක ශිෂ්‍යත්වයක් පිරිනැමීමට සැලසුම් කොට ඇත. මේ සඳහා සිංගපූරු රජය ද සිංගපූරු ඩොලර් මිලියනයක දායකත්වයක් ලබා දෙන අතර ඒ අනුව ශිෂ්‍යත්ව අරමුදලේ සමස්ත වටිනාකම සිංගපූරු ඩොලර් මිලියන 3කි.

    අභිමානවත් හතලිස් වැනි සංවත්සරය පිළිබඳ ප‍්‍රීමා සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිළධාරී ලෙසින් කටයුතු කරන ප‍්‍රීමස් චෙන්ග් මහතා සිය අදහස් පළ කළේ මෙලෙසිනි. ”ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අප වත්මන් ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 240ක්. එය අපට ආඩම්බර විය හැකි ආයෝජනයක්. එසේම මෙරට සිටින අපගේ ව්‍යාපාරික පාර්ශවකරුවන්ට ඉදිරියටත් නව අවස්ථාවන් ලබා දෙමින් වැඩි වටිනාකමක් එකතු කිරීමට අප අපේක්ෂා කරනවා. මෙම වසර, සිංගපූරුව සහ ශ‍්‍රී ලාංකිකයන් අතර වසර 40ක සබැඳියාවත්, වසර 40ක තුල සිදු කළ විදෙස් ආයෝජන සහ වසර 40ක් පුරා ප‍්‍රීමා සමාගම මෙරට ජනයා සමග ඉදිරියට පැමිණි අභිමානවත් ඉතිහාසයක මංසලකුණු සනිටුහන් කළ වසරක් ලෙස හ`දුන්වන්න පුළුවන්.”

    ප‍්‍රීමා සමාගම පසුකළ සන්ධිස්ථාන සිහිගන්වමින් එහි සමූහ සාමාන්‍යාධිකාරී ටාන් බෙන්ග් චුආන් මහතා සිය අදහස් පෙළ ගැස්වූයේ මෙලෙසිනි. ”හුදෙක් පිටි නිෂ්පාදකයෙකු ලෙස පමණක් නොනැවතී අප සැම විටම උත්සහ කළේ සමස්ත ලක් දේශයේ සංවර්ධනයට උර දීමටයි. බේකරි කර්මාන්තය සහ ඊට අදාල සෙසු ව්‍යාපාරයන්වල නිරතවන සාර්ථක ශ‍්‍රී ලාංකිකයන් සමග ඉතා සමීපව කටයුතු කිරීමට අපට හැකි වුණා. ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම, කුසලතා දියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හරහා ඔවුන් සවිබල ගැන්වීමට අප කටයුතු කළා. ඉකුත් වසර 40 පුරා ශ‍්‍රී ලාංකිකයන් සතු අධිෂ්ඨානය ශක්තිය සහ ප‍්‍රබලත්වය අත්වි`දීමට ලැබීම භාග්‍යක් කොට සළකනවා. මෙම ශ්‍රේෂ්ඨ දේශය සමග ඉතා විශ්වාසයෙන් යුතුව අපගේ සබ`දතා තර කර ගැනීමට අප ඉදිරියටත් කටයුතු කරනවා. ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීම ස`දහා දායක වන අතරම උසස් ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පිරිනැමීම ස`දහා වූ අපගේ පරමාර්ථය ඉටු කිරීමට අප ඉදිරියටත් කැප වෙනවා.”

    ලොව විශාලතම තිරි`ගු පිටි ඇඹරුම්හල් අතුරින් එකක් වශයෙන් ප‍්‍රීමා සිලෝන් ඇඹරුම් හල මෙරට ස්ථාපිත වී ඇත. ස්විස්ටර්ලන්ත තාක්ෂණයෙන් සවිබල ගැන් වූ මෙම කර්මාන්තශාලාව දිනකට මෙටි‍්‍රක් ටොන් 3650ක ධාන්‍ය ඇඹරුම් ධාරිතාවක් සහිත ඉහළ කාර්්‍යක්ෂමතාවෙන් හා මෙටි‍්‍රක් ටොන් 350,000ක මහා පරිමාණ ගබඩා ධාරිතාවකින්ද පොහොසත්ය. භාණ්ඩ ප‍්‍රවාහනය කරන විසල් නෞකා ගාල් කිරීමේ සුවිසල් ඉඩකඩකින් යුත් ජැටියක් මෙම කර්මාන්තශාලා පරිශ‍්‍රය තුළ තිබෙන අතර එහි විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකා වන මෙටි‍්‍රක් ටොන් 100000ක් රැුගෙන යා හැකි ”කේප් සයිස්” නෞකා ගාල් කිරීිමේ හැකියාවද එහි ඇත. මෙම විසල් ධාරිතාව හේතුවෙන් බාහිර ස්වභාවික කාරණා නොතකා ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් අඛණ්ඩව උසස් තත්ත්වයේ තිරි`ගු පිටි සැපයීමේ හැකියාවක් ප‍්‍රීමා සිලෝන් සමාගම සතුය. එය පූර්ණ ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන ඇඹරුම්හල් සංකීර්ණයක් වන අතර ISO 9001:2000 සහ ISO22000:2005 සහතිකයන් හිමිකරගෙන ඇත. එසේම 2004 වසරේ සිට ප‍්‍රීමා සිලෝන් ආසියාකරයේ රටවල් රැසකට පිටි අපනයනය කිරීමටද වරම් උදාකරගෙන ඇත.

    ප‍්‍රීමාහි දිගු කාලීන සේවාවක් වශයෙන් නවීනතම බේකරි තාක්ෂණික ක‍්‍රම ප‍්‍රචලිත කිරීම ස`දහා 2004 වසරේදී ප‍්‍රීමා බේකරි පුහුණු මධ්‍යස්ථානය (PBTC) කොළඹ දී ස්ථාපිත කරනු ලැබිණි. එම පුහුණු මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් අනුමත කර ඇත. එහි ආරම්භයේ සිට මේ දක්වා 5000ක් පමණ ඩිප්ලෝමාධාරීන් හා බේකරි හා සූපවේදයේ නිපුණයන් රැසක් බිහිකර ඇති අතර සිසුන් රැුසක් දේශීය සහ ජාත්‍යන්තර සූපවේද විශිෂ්ටතා සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.

     

    පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් 2016 වසරේදී නව පිටි විශේෂයන් හඳුන්වා දීමට ප‍්‍රීමා සමාගම කටයුතු කරනු ලැබිණි. විශේෂයන් 8කින් සමන්විත එම නිෂ්පාදන පෙළ අතරට ඉඳිආප්ප පිටි, විශේෂිත කේක් පිටි ආදී නව්‍යකරණ නිෂ්පාදන ඇතුළත් වේ. එසේම මෙරට ප‍්‍රථම වරට තන්තුවලින් පොහොසත් සෞඛ්‍ය සම්පන්න පිටි පරිභෝජනයට රුචි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගත් සමාගම විශේෂිත චක්කි ආටා පිටි සහ පරිපූර්ණ සුපර්ෆයින් වර්ගයේ තිරිඟු පිටිද වෙළඳපලට නිකුත් කරනු ලැබිණි.
    සිංගප්පූරුවේ ස්ථාපිත කරන ලද ප‍්‍රීමා මව් සමාගම 1961 වසරේ ආරම්භ කර ඇති අතර එය ආසියානු කලාපයේ පුරෝගාමී තිරි`ගු පිටි සමාගමක් වේ. ”ප‍්‍රීමා” යන ලතින් නාමයේ අරුත ”පළමුව” යන්නයි. සමාගමේ නාමය චීන බසින් ”බායි ලින්ග් මායි” (Bai Ling Mai) වන අතර ”වසර 100ක් පැරණි තිරිඟු” යන අරුත එයින් ජනිත කරයි. ඒ සියල්ලෙන් ශක්තිමත් පදනමක් මත දිගුකාලීන පැවැත්ම යන තේරුම අරුත් ගන්වයි.

    සාමාන්‍ය ඇඹරුම්හලකින් ඇරඹී ප‍්‍රීමා සමාගම අද වන විට ජාත්‍යන්තර මෙහෙයුම් සිදු කරන කර්මාන්ත සමූහයක් බවට පත්ව ඇත. විවිධ අංශ වෙත සිය සේවාවන් ව්‍යාප්ත කර තිබුණද ප‍්‍රීමා සමාගමෙන් පිරිනැමෙන ප‍්‍රධානතම සේවාවන්, ආහාර සහ ඊට අදාල ව්‍යාපාරයන් කේන්ද්‍ර කරගෙන ගොඩනැගී ඇත.

    ප‍්‍රීමා සමාගම සිය ශාඛා ජාලය ආසියාකරය හරහා මැලේසියාව, හොං කොං, චීනය, ඉන්දුනීසියාව සහ ශ‍්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත කර ඇත. ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රීමා සමූහය ප‍්‍රීමා සිලෝන්, ප‍්‍රීමා සිලෝන් මැෂිනරි ලිමිටඞ්, සිලෝන් ගේ‍්‍රන් එලිවේටර්ස්, සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ටී‍්‍රස්, ප‍්‍රීමා ලෑන්ඞ් සහ ප‍්‍රීමා මැනේජ්මන්ට් සර්විස් යන සමාගම්වලින් සමන්විත වී ඇත.

    ප‍්‍රීමා සිලෝන් පසු කළ සන්ධිස්ථාන

    1977 - ප‍්‍රීමා සමාගම සහ ශ‍්‍රී ලංකාව එක්ව ත‍්‍රිකුණාමලයේ ප‍්‍රීමා ඇඹරුම් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා ගිවිසුමකට එළඹිණි - එය මෙරට ප‍්‍රථම සෘජු විදේශ ආයෝජනය ලෙසින් වාර්තාගත විය.
    1978 - ප‍්‍රීමා පිටි ඇඹරුම් හල ගොඩනැගීම සඳහා තැබූ මුල් ගල ත‍්‍රිකුණාමලයේ චීන වරායේ තැන්පත් කරයි.
    1980 - ප‍්‍රීමා සිලෝන් පිටි ඇඹරුම් සංකීර්ණය එකල ලොව විශාලතම ඇඹරුම් හල වූ අතර එය හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන අතින් විවෘත කරනු ලැබිණි.
    1982 - ප‍්‍රීමා සමාගම මෙරට අයවැය පරතරය අවම කිරීමට දායක විය - ලෝක බැංකු වාර්තාව
    2001 - Build, Own, Transfer (BOT) ගිවිසුම Build, Own and Operate (BOO) ගිවිසුමක් බවට පරිවර්තනය වීමත් සමග තිරිඟු පිටි කර්මාන්තශාලාවේ ශ‍්‍රී ලංකා රජය සතු අයිතිය බෙදී ගිය අතර ඒ හරහා මෙරට තිරිඟු පිටි කර්මාන්තය සැමට විවෘත විය.
    2002 - ශ‍්‍රී ලංකාවේ පුනරුත්තාපනය සහ නැවත ගොඩනැගීමේ අරමුදල සඳහා ප‍්‍රීමා රුපියල් මිලියන 24.5ක් ලබා දෙයි.
    2002 - ආහාර සුරක්ෂිතතාව සහ උසස් ප‍්‍රමිතිය තහවුරු කර ගැනීම සඳහා ත‍්‍රිකුණාමලයේ පිහිටි ප‍්‍රීමා පිටි ඇඹරුම්හලේ ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 100,000 කින් ඉහළ නැංවීය.
    2004 - ආසියානු කලාපයට ප‍්‍රීමා පිටි අපනයනය කිරීම ආරම්භ විය.
    2004 - දේශීය බේකරි අංශයේ සහ හෝටල් අංශයේ සංවර්ධනය සඳහා ප‍්‍රීමා බේකරි පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී
    2013 – පිටි මිශ‍්‍රකිරීම්, සහ පෙර මිශ‍්‍ර කිරීමේ තාක්ෂණික පහසුකම් ස්ථාපිත කිරීම
    2014/15 - අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පිරිනමන ලද F&B අංශයේ වසරේ ආහාර අපනයනකරුට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ප‍්‍රීමා සමත් විය.
    2015 - ප‍්‍රීමා කම්හල සිය ඇසුරුම් ධාරිතාව තිරිඟු පිටි මෙටි‍්‍රක් ටොන් 125,000කින් පුළුල් කිරීමට සමත් විය
    2016 – ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයාට කිලෝ 1ක ඇසුරුම්වල සුවිශේෂී පිටි නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි
    2016- ප‍්‍රීමා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම චක්කි ආටා පිටි නිෂ්පාදනාගාරය ස්ථාපිත කරනු ලැබිණි
    2018 - සිංගප්පූරුව තුළ අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ප‍්‍රීමා සමාගම සිංගප්පූරු ඩොලර් මිලියන 2ක ශිෂ්‍යත්වයක් ස්ථාපිත කරයි.

    දේශීය ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරමින් සහ ආර්ථිකයට උර දෙමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ප‍්‍රීමා සිදු කර තිබෙන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 240කි.