බණ්ඩාරනායක ගුවන්තොටේ ආනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ රු. බිලියන 2.37 ක කොන්ත්‍රාත්තුව නවලෝක කන්ස්ට්‍රක්ෂන් වෙත

    October, 6, 2020

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ආනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම - අදියර 1 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 මැයි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව, එකී ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තරගකාරි ලංසු කැඳවා ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය සැලකිල්ලට ගෙන, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 2.37ක මුදලකට සීමාසහිත නවලෝක කන්ස්ට්‍රක්ෂන් වෙත ප්‍රදානය කිරීම පිණිස සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.