බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ෆ්ලෙමින්ගෝ වෙතින් නවතම ඩියුටි ෆ්‍රී සාප්පුවක්

    September, 27, 2017

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ‘Core ‘ වර්ගීකරණය යටතේ වසර 5ක කාලයකට තීරුබදු රහිත සාප්පුවක් පවත්වාගෙන යාමේ ගිවිසුමක් පසුගියදා ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සඳහා පිරිනමනු ලැබීය.

    ඒ අනුව ‘ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ සිය නවතම තීරුබදු රහිත සාප්පුව විවෘත කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී පී.කේ. තිමයියා මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. නව ගිවිසුමට එළැඹීමත් සමග ෆ්ලෙමින්ගෝ දැන් ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ මෙන්ම පිටත්වීමේ පර්යන්තයේ ද සිය සේවාව පුළුල් කර තිබේ.

    මෙම සාප්පුවේ විශේෂත්වය වන්නේ එහි ඇති නිදහසේ ගමන් කිරිමට ඇති පහසුව සහ සුවිශේෂී වර්ගීකරණ කලාපයයි. සම්පූර්ණ සාප්පුව පුරා ගමන් කරමින් එක් එක් භාණ්ඩ වර්ගීකරණය කර ඇති කලාප තුල සැරිසරමින් තම අවශ්‍යතාව සපුරාගැනීමේ පහසුව සපයා තිබේ. විශේෂයෙන් සුවඳ විලවුන්, ආලේපන වර්ග සහ චොකලට් වර්ග වැනි භාණ්ඩ සඳහා ඇති ඉඩකඩ පුළුල් කර තිබේ. එමෙන්ම තව තවත් සුවඳ විලවුන් සහ ආලේපන වැනි ජාත්‍යන්තර වෙළෙඳනාමවලින් යුතු තවත් භාණ්ඩ රැසක් ගෙන්වීමටත් සාකච්ඡා පවත්වමින් සිටින බව තිමයියා මහතා සඳහන් කළේය. මින් ඇතැම් වෙළෙඳනාම මෙරට තුල අලෙවි නොකෙරෙන අතර වසර අවසානයේ එම වෙළෙඳනාමයෙන් යුතු භාණ්ඩ පළමුවරට ශ්‍රී ලංකාවට ගෙන්වීමට ෆ්ලෙමින්ගෝ සැලසුම් කර තිබේ.
    සිය පාරිභෝගිකයන්ට වටිනාකමට සරිලන ප්‍රතිලාභ ලබාදීම සඳහා කැපවී සිටින ෆ්ලෙමින්ගෝ වසර 2015 ජූනි මාසයේ මෙරට තීරුබදු රහිත සාප්පු ක්ෂේත්‍රයේ පළමුවරට ආරම්භ කළ Loyalty වැඩසටහන යටතේ විසිපන්දහසකට අධික සාමාජිකයන් පිරිසක් එක්රොක් කරගැනීමට සමත්වී සිටී.

    මීට අමතරව ගුවන් මගීන්ගේ පියාසර සැතපුම් ප්‍රමාණයට අනුව (Flysmiles) විශේෂ දීමනා පිරිනැමීමට ද ෆ්ලෙමින්ගෝ විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය හා අත්වැල් බැඳ සිටී. එමෙන්ම වේගයෙන්ම වර්ධනය වන Peoples Republic of China (PRC) කාණ්ඩයේ ගුවන්මගීන් ඉලක්ක කරමින් UnionPay ජාත්‍යන්තර වෙළෙඳ සමාගමේ හවුල්කරුවන් ලෙසත් ෆ්ලෙමින්ගෝ කටයුතු කරයි. බුද්ධිමත් ගුවන් මගීන්ගේ අවධානය ලබාගැනීම සඳහා වසර පුරාම ප්‍රවර්ධන කටයුතු කිරීමට කාඩ් පත් සේවායෝජකයන් කිහිපදෙනකු සමග අත්වැල් බැඳ ගැනීමට මේ වනවිට ෆ්ලෙමින්ගෝ සාකච්ඡා පවත්වමින් සිටී. පසුගිය කාලයේ දී ෆ්ලෙමින්ගෝ විසින් මාස්ටර් කාඩ් පත් සහ වීසා කාඩ්පත් හිමි පාරිභෝගිකයන් සඳහා විශේෂ වරප්‍රසාද ලබා දී තිබේ.

    පාරිභෝගිකයන්ට සිය සාප්පු සවාරිය වඩාත් උද්දීපනය කර ගැනීමට ෆ්ලෙමින්ගෝ සිය වෙළෙඳනාම සහකරුවන් හා එක්ව ප්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ. ඒ අනුව ඇපල් වෙළෙඳනාම යටතේ ඇති නිෂ්පාදන වර්ග රත්රන් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මෑතකදී Pernod Ricard ආයතනය සමග එක්ව සංවිධාන සංවිධාන කළ ‘It's Your Lucky Day‘ ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වූ මලිත් ඩිසාලා මහතා අමෙරිකානු ඩොලර් දහසක (US$1000) මුදල් ත්‍යාගයක් දිනාගත් අතර Diageo - The Gift to Give Since 2011 ප්‍රවර්ධන වැඩසටහනට එක්වූ එම්.එම්.කේ. රණවන මහත්මිය ‘මහා තෑගි මල්ලේ‘ ජයග්‍රාහකයා බවට පත්වෙමින් ග්‍රෑම් සියයක (100g) බරකින් යුතු රන් කාසියක් දිනාගත්තේය.

    ෆ්ලෙමින්ගෝ හී ක්‍රියාකාරී සමාජ සත්කාරක ආයතනය වන ෆ්ලෙමින්ගෝ පදනම (Flemingo Foundation) ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහනේ කොටසක් ලෙස දෙවැනි වසරටත් එම වැඩසටහනේ සංගීත ව්‍යාපෘතියට සහාය දැක්වීමට සාඩම්බරව ඉදිරිපත්වී සිටි. ‘කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ දරුවන්ගේ සංගීතමය හැකියාවන් දියුණු කිරිමට සහයෝගය දැක්විමට අවස්ථාවක් ලැබීම ඉමහත් ගෞරවයක්‘ තිමයියා මහතා පැවැසීය.

    විවිධ නිෂ්පාදන හා වෙළෙඳ නාම යටතේ ගුවන් මගීන්ට ප්‍රතිලාභ රැසක් ලබාදීම තුළින් ඔවුන්ට වාසි ගෙන දෙන විශිෂ්ට තීරුබදු රහිත සාප්පු සවාරියක අත්දැකීමක් අත්කර දීමට තමා සහ තම කාර්ය මණ්ඩලය නිරතුරුවම කැපවී සිටින බව තිමයියා මහතා නැවතත් අවධාරණය කළේය.