බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විශාලතම සමාගම් අතර තෙවැනි ස්ථානයට

    January, 13, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව තෙවැනියට විශාල සමාගම බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ (12) දිනයේ දී පත්විය. ඒ ඊයේ දිනය අවසානයේ දී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 7.50 ක් ලෙසින් සටහන් වීමත් සමඟය.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය 14,369,717,460 ක් වේ.

    මේ අනුව එහි වත්මන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 107.77 ක් වන අතර මීට පෙර මෙම වර්ගීකතරණයේ මිටි ඩයලොග් ආසියාටා පීඑල්සී මේ සමඟ සිව්වන ස්ථානයට පත්ව ඇත. ඒ රු. බිලියන 103.80 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමිනි.

    මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලතම සමාගම ලංකා දුම්කොළ සමාගමයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 209.58 කි. දෙවන ස්ථානයේ සිටින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 198.44 ක් වේ.

    ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී ලැයිස්තුගත විශාලතම සමාගම් 25 පහත පරිදි විය.