බ්‍රැඩ්බි ශූරතා තරගාවලිය සමඟ රග්බි ජය සනිටුහන් කිරීම සඳහා NDB බැංකුව දායක වේ

    August, 14, 2023

    රටේ තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ සහ ක්‍රීඩාව දියුණු කිරීමේ ප්‍රයත්න තවදුරටත් අඛණ්ඩව ඉහළ නැංවීමේ අරමුණින් NDB බැංකුව රාජකීය විද්‍යාලයේ 2023 රග්බි ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සහ ත්‍රිත්ව විද්‍යාලයේ 2023 රග්බි කණ්ඩායම් නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් බ්‍රැඩ්බි ශූරතාව සමඟ (Bradby Shield Encounter) හවුල්කාරිත්වයෙන් කටයුතු කළේ ය.

    77 වැනි බ්‍රැඩ්බි තරඟයේ පළමු අදියරේ සත්කාරකත්වය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලයට එරෙහිව පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ අතර, එහිදී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 13-10ක් ලෙස තරඟය ජයගැනීමට සමත් විය. රාජකීය විද්‍යාලය දෙවන අදියරේ දී ලකුණු 27-17 ක් වාර්තා කරමින්  ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත් කළ අතර මෙම තරඟය සිය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. අදියරයන් දෙක  තුළ දී ත්‍රිත්ව විද්‍යාලය ලබා ගත් ලකුණු 30 ට සාපේක්ෂව ලකුණු 37 ක් ලබා ගනිමින් රාජකීයයන් බ්‍රැඩ්බි තරඟය ජයග්‍රහණය කළහ.

    පසුගිය 05 වැනි සෙනසුරාදා දින පැවැති තරඟයේ දෙවැනි අදියරේ ‘තරඟයේ ක්‍රීඩකයා’ බවට පත් වූ රාජකීය විද්‍යාලයේ තෙවින් පෙරේරාට NDB Zee ගිණුමක් පිරිනැමීමට NDB බැංකුවේ සභාපති ශ්‍රියාන් කුරේ සහ NDB හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා යන මහත්වරු කටයුතු කළ හ. ‘තරඟයේ ක්‍රීඩකයා’ තෝරාගැනීමට අදාළ තේරීම් කටයුතු thepapare.com විචාරකයින් විසින් තරඟය අතරතුර සිදු කරන ලදී.

    වයස අවුරුදු 18 ත් 28 ත් අතර තරුණ තරුණියන් සඳහා විශේෂෙයන් නිර්මාණය කර ඇති NDB Zee Digital Youth ගිණුම, කිසිදු බාධාවකින් තොරව සැබෑ ඩිජිටල් වේදිකාවක් හරහා තම දෛනික බැංකු කටයුතුවල නිරත වීමේ ඩිජිටල් අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට පිරිනමයි. video Know-Your-Customer (vKYC) ක්‍රියාවලිය හරහා ගිණුමක් ආරම්භ කිරීමේ පටන් NEOS යෙදුම හරහා ජංගම බැංකුකරණ සේවා භාවිතය සඳහා පහසුකම් සලසන NDB Zee ගිණුම් ක්‍රමය, පෙර පරම්පරාවන්ට වඩා බොහෝ සෙයින් පහසුව, වේගය සහ පුද්ගලිකත්වය අගය කරන, තාක්ෂණික දැනුමෙන් පොහොසත් 'Gen Z' පාරිභෝගිකයා අපේක්ෂා කරන පුළුල් පරාසයක බැංකු සේවා සඳහා පහසුකම් සපයයි. NDB Zee ඩිජිටල් ගිණුම් හිමියන්ට අධ්‍යාපන සහ වෘත්තීය උපදේශන සේවා මෙන්ම අධ්‍යාපන ණය සහ වැටුප් අත්තිකාරම් ද ලබාගැනීමේ අවස්ථාව උදා වේ.

    ‘බ්‍රැඩ්බි’ (The Bradby) ලෙස පොදුවේ හඳුන්වනු ලබන බ්‍රැඩ්බි ශූරතාව, ශ්‍රී ලංකා පාසල් රග්බි තරඟාවලි අතර ප්‍රමුඛස්ථානය හිමි කරගනී. එය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය යන විද්‍යාල අතර වාර්ෂිකව ක්‍රීඩා කෙරේ.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. NDB බැංකුව මෑතක දී ඒෂියා මනී (Asiamoney) විසින් වසරේ බැංකුව සහ 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලදී. තවද, ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.

     

    ඡායාරූප විස්තරය - NDB බැංකුවේසභාපති ශ්‍රියාන් කුරේ සහඑහි පුද්ගලික බැංකු සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා යන මහත්වරු බ්‍රැඩ්බි ශූරතාවයේ ‘තරඟයේවීරයා බවට පත් වූ රාජකීය විද්‍යාලයේ තෙවින් පෙරේරා වෙත ත්‍යාග පිරිනමන ලද අවස්ථාව.