බැංකුකරණයෙන් ඔබ්බට ගිය තිස් වසරක මෙහෙවර – සෙලාන් බැංකුවේ අසමසම පාරිභෝගික සේවාව

    October, 11, 2018

    සෙලාන් බැංකුව ආරම්භයේ සිටම අවධානය යොමු කළ ප‍්‍රධානතම කරුණු දෙකනම් ගනුදෙනුකරුවන්ටම සුවිශේෂ වූ වටිනා සේවාවන් රැසක් හඳුන්වා දීම සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් පිරිනැමීමයි. 
     
    ”සුහද හදක් ඇති දේශීය බැංකුව” යන විරුදාවලිය ලද සෙලාන් බැංකුව කර්මාන්ත රැසකට අතදෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ නියමුවෙකු ලෙස ආ ගමන් මගේ අභිමානවත් වූ 30 වැනි සංවත්සරය මෙම වසරේ සමරනු ලබයි. 
     
    සෙලාන් බැංකුවේ සමාරම්භක සාමාජිකයෙකු වන චිත‍්‍රාල් ද සිල්වා මහතා මෙම සුවිශේෂී ගමන්මගේ වැදගත් සන්ධිස්ථාන පිළිබද සිය මතකයන් පෙළ ගැස්වූයේ් මෙලෙසිනි. 
     

    සුවිශේෂී ගමනක ඇරඹුම 

     
    ප‍්‍රධාන පෙළේ විදේශ බැංකුවක සේවය කළ චිත‍්‍රාල් ද සිල්වා මහතා 1988 වසරේදී සෙලාන් බැංකුව හා සම්බන්ධ වූයේ කණිෂ්ට නිලධාරියෙකු වශයෙනි. 1989 වසරේදී, කොළඹින් පිටත ප‍්‍රථම ශාඛාව මාතර ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සෙලාන් බැංකුව විසින් මාතර පිහිටි  Indian Overseas Bank  අත්පත් කරගත් අතර, එහිදී චිත‍්‍රාල් ද සිල්වා මහතා එම ශාඛාවේ සහකාර ශාඛා කළමනාකරු ලෙස වැඩ භාරගන්නා ලදි. ඉන්පසුව 1990 වසරේදී ඒ මහතා අලූතින් ආරම්භ කළ නුගේගොඩ ශාඛාවේ කළමනාකරු ලෙස පත්වීම් ලැබී ය. සෙලාන් බැංකුව මෙම කාලයේ සිටම නව සේවාවන් හඳුන්වා දෙමින් සහ ඇතැම් ශාඛා දවසේ වැඩි කාලයක් විවෘතව තබමින් වඩවඩාත් ජනතාව අතරට යාමට කටයුතු කරන ලදී. 
     
    ආරම්භයේදී නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශ වල බැංකු සේවාවන් සම්බන්ධයෙන් අත්දැකීම් ලැබූ චිත‍්‍රාල් ද සිල්වා මහතාට මහතා පසුව සෙලාන් බැංකුවේ මහනුවර, කුරුඳුවත්ත සහ ප‍්‍රධාන ‘මිලේනියම් ශාඛාව’ යන ශාඛා, කළමනාකරණය කිරීමේ අවස්ථාව උදාවිය. ඉන් අනතුරුව සංවර්ධන බැංකු කටයුතු අංශයේ සහ ණය අයකරගැනීම් අංශයේ ප‍්‍රමුඛ පෙළේ තනතුරු කිහිපයක්ම  දැරීමට ඒ මහතාට අවස්ථාව ලැබිණි. 
     
    කලාපීය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස සාර්ථක මෙහෙයක් ඉටු කළ චිත‍්‍රාල් ද සිල්වා මහතා 2015 දී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා ලෙස පත්වීම් ලද අතර බැංකුවේ ශාඛා ජාලය මෙහෙයවමින් එහි දියුණුව සහ උන්නතිය උදෙසා මග පෙන්වමින් කටයුතු කිරීමේ  කාර්්‍යය ඒ මහතා වෙත පැවරුණි .
     
    ‘‘ව්‍යවසායකත්ව හැකියාවන් ඇති පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට නිසි දැනුම ලබාදෙමින්, ඔවුන් තුළ අවශ්‍ය උනන්දුව ඇතිකරමින්, ඉහළම පාරිභෝගික සේවාවක් සහ විශිෂ්ට මූල්‍ය සේවාවන් ලබාදිය හැකි පරිදි ඔවුන් පුහුණු කිරීම අපේ ප‍්‍රධාන අරමුණක්. මේ හේතුව නිසාම අපට දිගින් දිගටම අපගේ පාරිභෝගික සේවාව වැඩිදියුණු කරමින් බැංකු ක්ෂේත‍්‍රයට නව ආදර්ශ සැපයීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම වෙළඳපොළ තුළ පවතින නව ප‍්‍රවණතා සහ අඩුපාඩු හඳුනාගෙන, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට හොඳින්ම ගැළපෙන විවිධ සේවාවන් හඳුන්වා දෙමින්, සාම්ප‍්‍රදායක බැංකු ක්ෂේත‍්‍රය තුළත් ඩිජිටල් බැංකු ක්ෂේත‍්‍රය තුළත් ඉදිරියටම පැමිණීමට අපට හැකිවී තිබෙනවා.” චිත‍්‍රාල් ද සිල්වා මහතා පැවසී ය.
     
    ‘‘එදා මෙදාතුර බැංකුව අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබද ආරම්භක සාමාජිකයෙකු ලෙස මා ඉතා තෘප්තිමත්. ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන කීර්තිමත් නාමය රැක කරගැනීමට නිරන්තරයෙන්  කළ කැපවීම බැංකුව ලද සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් රැසකට ආරම්භයේදීම දියුණුව වෙත මගපෙන්වීමට හැකිවීම විශාල සතුටක්.” චිත‍්‍රාල් ද සිල්වා මහතා පැවසී ය.
     

    තිස් වසරක සැමරුම්

     
    දශක තුනකට ආසන්න කාලයක් පුරා නොවෙනස්ව පවත්වාගත් සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සෙලාන් බැංකුවට 2014 වසරේදී 'Best Retail & SME Bank in Sri Lanka' සම්මානය හිමි විය. එමෙන්ම 'Lankapay Technovation'.  සම්මාන උළෙලේදී සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම බැංකුවට හිමි සම්මානයද සෙලාන් බැංකුව වෙත පිරිනැමිණි.  'Golden Globe Tigers Awards' හිදී පාරිභෝගික හා ඩිජිටල් බැංකුකරණ අංශය වෙනුවෙන් සම්මාන 5 කින් පිදුම් ලැබූ බැංකුව   'SLIM NASCO 2018' සම්මාන උළෙලේදීද අලෙවිකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබී ය.
     

    අනාගත සැලසුම් 

     
    ‘‘නවීන තාක්ෂණය ඔස්සේ බැංකු සේවාවන් ගනුදෙනුකරුවන් වෙතටම සමීප කරවිය හැකි ආකාරයට බැංකුවේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ඔවුන්ට මීටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට සෙලාන් බැංකුව සැමවිටම කටයුතු කරනවා.
     
    ‘‘බැංකු ක්ෂේත‍්‍රයේ අනාගතය රැඳී ඇත්තේ ඩිජිටල් බැංකුකරණය මත බව අප විශ්වාස කරනවා.  එනිසා ඩිජිටල් බැංකු සේවාවන් වැඩිදියුණු කිරීමට අප පියවර රැුසක් ගෙන තිබෙනවා. දැනට අපගේ මූලික අවධානය යොමුවී ඇත්තේ මෙරට සිට මෙන්ම විදේශයක සිට වුවද ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතාවන් සියල්ල ඉටුකරගැනීමට හැකිවන පරිදි අපගේ තාක්ෂණික පදනම වැඩිදියුණු   කිරීමටයි. මේ ක‍්‍රමෝපායික තීරණවල සාර්ථකත්වය නිසා වඩාත් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. 
     

    සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා චිත‍්‍රාල් ද සිල්වා මහතා