බැඳුම්කර විමර්ශනයේ වෝහාරික විගණනයට ජාත්‍යන්තර විගණන සමාගම්වල සහාය ලබා ගැනීමට පියවර

    May, 31, 2018

    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා‍ව විසින් එම විමර්ශනය අවසානයේ ලබා දෙන ලද වාර්තාව අනුව, එහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදු කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ.

    ඒ සඳහා මනා පරිචයක් හා විශේෂඥතාවක් සහිත ස්වාධීන ජාත්‍යන්තර විගණන සමාගමක/සමාගම්වල සේවය ලබාගැනීම සුදුසු බව යෝජනා වී ඇති අතර, සුදුසු එවැනි සමාගමක් තෝරා ගැනීම සඳහා උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.