බැරි නම් කියන්න! ලක්ෂ්මන් යාපා, ක්‍රිෂ් සමූහයට කියයි- video

    May, 29, 2014

    [one_fourth last=last] කොළඹ කොටුවේ අක්කර 04 ක පමණ ඉඩමක සිදුකිරීමට සැලසුම් කර තිබෙන ක්‍රිෂ් ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ සමාගම අපොහොසත් වන්නේ නම් මෙරට නිතී රීති වලට අදාළව එම සමාගමට එය වෙනත් ආයෝජකයෙකුට දීමට හෝ වෙනත් ආයෝජකයෙකු සමග කිරීමට හැකියාවක් තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම ඉඩම වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම විසින් රුපියල් මිලියන 4355 ක මුදල් ගෙවා තිබෙන බවත් තවත් රුපියල් මිලියන 639.5 ක් ගෙවීමට තිබෙව බවයි.
    මෙම මුදල අදාළ සමාගම පොරොන්දු වූ දින වකවානු වලදී ගෙවීමට නොහැකිවීම නිසා ඒ සඳහා සියයට 12 ක පොලියක්ද රජය විසින් එකතු කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිෂ් සමග රජය කිසිදු ආයෝජන ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් ඉඩමට සම්පූර්ණ මුදල් ගෙවන තෙක් මෙම ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවට යොමු නොකරන බවයි.

    “රජයට ප්‍රශ්නයක් නෑ. කොළඹ තිබෙන ඉඩමකට රජය ක්‍රිෂ් එකෙන් සල්ලි අරගෙන තිබෙනවා. ලැබුණු සල්ලි බැංකුවේ දාල පොලියක් ගන්නවාට අමතරව ගෙවන්න තියෙන සල්ලි වලටත් රජය පොලියක් අය කරනවා.“

    “ලෝකයේ කොයි රටෙත් ආයෝජන එකක් දෙකක් මෙහෙම වෙනවා.“

    මෙම සමාගම දිගින් දිගටම මෙම ඉඩම සඳහා මුදල් ගෙවීම ප්‍රමාද කිරීම හමුවේ අමාත්‍යවරයා පැවසුවේ එම සමාගමට මෙම ව්‍යාපෘතිය තනිවම සිදුකිරීමට නොහැකි නම් වෙනත් ආයෝජකයෙකු සම්බන්ධ කරගත හැකි බවයි.

    මෙම ව්‍යාපෘතිය එළිදක්වමින් ඉන්දීය ක්‍රිෂ් සමාගම පැවසුවේ මේ යටතේ ඔවුන් සුපිරි නිවාස, සාප්පු සංකීර්ණ, තරු හතේ හෝටලයක් ඇතුළු ඉදිකිරීම් වලින් සමන්විත තට්ටු 85 ක කුළුණක් හා තවත් කුළුණු හතරක් ගොඩ නගන බවයි.
    කොළඹ චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලෝටස් පාරට මායිම් වන දැනට පැරණි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එම ගොඩනැගිල්ලද ඇතුළත්ව අක්කර 04 කුත් පර්චස් 37.10 ක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉන්දියානු ක්‍රිෂ් සමාගම් සමූහයට ලබාදීමට අදහස් කර තිබෙන්නේ 99 අවුරුදු බදු පදනමට අනුවයි.