බෑන්ක් ඔෆ් චයිනා කොළඹ කාර්ය මණ්ඩලයට කොමර්ෂල් බැංකුවෙන් ණය පහසුකම්

    July, 15, 2019

    බෑන්ක් ඔෆ් චයිනා සමාගමේ කොළඹ ශාඛාව පසුගියදා තම කාර්ය මණ්ඩලයට විශේෂ කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි.

    මෙම අවබෝධතා ගිවිසුම මගින් බෑන්ක් ඔෆ් චයිනා සමාගමේ කොළඹ ශාඛාවේ කාර්ය මණ්ඩලයට කොමර්ෂල් බැංකුව වෙතින් නව ණය පහසුකම් ලබා ගැනීමට මෙන්ම දැනට පවතින ඔවුන්ගේ ණය කොමර්ෂල් බැංකුව වෙත මාරු කිරීමේ හැකියාවද ලැබේ. එසේම කොමර්ෂල් බැංකුව මගින් ඔවුන්ට ලීසිං පහසුකම් සැපයීමේදී විශේෂ පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.

    ඡායාරූපයේ දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා (දකුණේ සිට හය වැන්නා) සහ බෑන්ක් ඔෆ් චයිනා සමාගමේ කොළඹ ශාඛාවේ පොදු පරිපාලන හා බැංකුකරණ අංශ ප‍්‍රධානී ක්ෂින් ටෑං මහත්වරු විසින් අදාළ බැංකුවල කළමනාකාරිත්වය සහ නිලධාරින් ඉදිරියේ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අන්දමයි.