බිත්තර බද්දේ වෙනසක්

    February, 23, 2023

    2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, බිත්තර ආනයනයේ දී අය කළ යුතු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් රජයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ඉහත උපලේඛනයේ දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0407.21 යටතේ වර්ගීකරණය වන බිත්තර ආනයනය කිරීමේ දී අදාළ වන එක් බිත්තරයක් සඳහා වන රු. 50ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන්, බිත්තරයක් සඳහා රු. 1ක් අයකර ගෙන ඉතිරි වටිනාකම, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය මත, ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමේ දී, අත්හරිනු ලැබිය යුතු බවට නියම කර ඇත.

    මෙම නියමය 2023 පෙබරවාරි මස 21 වැනි දින සිට ආරම්භ වන මාස තුනක කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (03) වන උප වගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගුව පැවතිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.