April, 19, 2023
අද (19) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ.
භාණ්ඩාගාර බිල් පත් පොලී අනුපාතිකවල අඛණ්ඩව ඉහළ යාමක් වාර්තා වූ දෙවැනි සතිය මෙයයි.
මෙහිදී දින 91 බිල්පත් පොලිය 24.80% සිට 25.65% ක් දක්වා ත්, දින 182 බිල්පත් පොලිය 24.10% සිට 24.97% ක් දක්වා ත් සහ දින 364 බිල්පත් පොලිය 22.64% සිට 22.96% ක් දක්වා ත් ඉහළ ගොස් තිබේ.
අද වෙන්දේසිය සඳහා රු. මිලියන 90,000 ක බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 158,653 ක ලංසු ප්රමාණයක් ලැබී තිබුණි.

Video Story