බිලියනයක් හොයන්න බ්‍රවුන්ස් බීච් හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි

    August, 23, 2016

    රුපියල් මිලියන 1,395.9 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකිරීමට තීරණය කර ඇති බව බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී කියා සිටී. මෙහිදී නව සාමාන්‍ය කොටස් මිලියන 54 ක් එකක් රු. 25.85 බැගින් නිකුත් කිරීමට නියමිතය.

    සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. 2,383,448,970.00 ක් වන අතර එය සාමාන්‍ය කොටස් මිලියන 129.6 කින් සමන්විත වේ.

    සමාගමේ දැනට ඇති ණයබර අවම කර ගැනීම සහ හෝටලයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා මූදල් ලබා ගැනීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව දියත් කර තිබේ.

    බ්‍රවුන්ස් බීච් හෝටලය මෙල්ස්ටාකෝප් සමූහයේ සාමාජිකයෙකි. එහි කොටස් ප්‍රාග්ධනයෙන් 41.87% ක් මෙල්ස්ටාකෝප් සමාගම සතු අතර 36.61% ක් එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය සතුය.