බිල නොගෙව්වාට ලයිට් කපන්නේ නැහැ – විදුලි ඇමතිගෙන් උපදෙස්

    April, 9, 2020

    කොවිඩ්-19 නිසා ජනතාවට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ගෙවීම සඳහා අප්‍රේල් 30 දක්වා සහන කාල සීමාවක්

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇතැම් විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද, කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    මේ අතර විදුලි බිල්පත් ගෙවීමට ඇති සහන කාලය අප්‍රේල් මස 30 දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.