බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව අංක 1 දේශක ජෝන් මැටෝන් ශ්‍රී ලංකාවට පැමිණෙයි

    June, 11, 2018

    Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පුහුණුකරු වන ජෝන් මැටෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ව්‍යාපාරික නායකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළු දෙකක් සඳහා ජෝන් මැටෝන් මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

    The Knowledge Forum සහ CEO’s Forum ලෙසින් පවත්වනු ලබන මෙම වැඩමුළු දෙක පිළිවෙලින් හෙට (ජූනි 12) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සහ අනිද්දා (ජූනි 13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

    බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයකු , විධායක පුහුණුකරුවෙකු ලෙසින් ලෝක සම්භාවනාවට පාත්‍රව ඇති ජෝන් මැටෝන් මහතා IL Executive Coaching Process and Certification හි නිර්මාතෘවරයාද වේ. ලොව පුරා ප්‍රමුඛතම සමාගම්/ සංවිධාන 250 කට වැඩි ප්‍රමාණයක හා ලොව විශිෂ්ටතම විධායක මට්ටමේ පුද්ගලයින් 200 කට වැඩි පිරිසකගේ පුහුණුකරුවා ලෙසින් ජෝන් මැටෝන් මහතා ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.