බොර තෙල් බැරල් ලක්ෂ 84ක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ Emirates National Oil Company වෙත

    September, 17, 2020

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2020.10.01 සිට 2021.05.31 දින දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000+/-5%ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Emirates National Oil Company (ENOC) වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.