March, 7, 2022
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට 2008 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල ගණන් මේ වන විට වාර්තා වී ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 129.78 ක් දක්වා 9.9% කින් හෙවත් ඩොලර් 11.67 කින් වැඩි වී තිබේ.
මේ අතර WTI (West Texas Intermediate) බොර තෙල් බැරලයක මිල ඩොලර් 126.51 ක් දක්වා ඩොලර් 10.83 කින් හෙවත් 9.4% කින් ඉහළ ගොස් ඇති අතර 2008 ජූලි මාසයෙන් පසු මෙලෙස බොර තෙල් සඳහා නියම වූ ඉහළම මිල ගනන් ලෙසින් මෙය වාර්තා වේ.
Video Story