June, 25, 2026
ඉන්ධන මිල තීරණය කිරීමේ දී ලොව ප්‍රධානතම මිනුම් ලකුණක් ලෙසින් පිළිගැනෙන බ්‍රෙන්ට් බොර තෙල් මිල අද (25) වන විට බැරලයක් ඩොලර් 72.60 මට්ටම දක්වා අඩු වී තිබේ.
මැදපෙරදිග යුද්ධය ඇරඹි 2026 පෙබරවාරි 28 දිනට පෙර පැවති මට්ටමට දක්වා ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් මිල පහළ ගොස් ඇත.
මේ අතර ඇමරිකානු WTI බොර තෙල් මිල අද වන විට ඩොලර් 70 මට්ටමින් පහළට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 පමණ වන විට WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.46ක් දක්වා ඒ අනුව පහළ ගොස් තිබුණි.
Video Story