බ‍්‍රැන්ඩික්ස් 3 වරටත් ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ රන් සම්මානයක් දිනා ගනී

    April, 24, 2017

    ‘කුසලතා කළමනාකරණය’ සහ ‘ඉගෙනීම සහ සංවර්ධනය’ යන අංශ දෙක සඳහාද විශේෂ සම්මාන දිනාගනී

    පසුගියදා අති උත්කර්ශවත් අයුරින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති 2015-16 ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ (HCM) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය රන් සම්මානයක් සහ තවත් විශේෂ සම්මාන දෙකක් දිනාගනිමින් සිය සාමාජිකයින්ගේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා සමූහය විසින් දරන කැපවීම යළිත් වරක් පෙන්නුම් කළේය.

    මෙරට මානව සම්පත් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය වසර දෙකකට වරක් මානව සම්පත් කළමනාකරණ සමාජය (SHRM) සහ මානව සම්පත් වෘත්තිකයින්ගේ සංගමය (AHRP) විසින් සංවිධානය කරයි. (මීට පෙර, මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ජාතික HRM සම්මාන ලෙසින් හැඳින්වීය) මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය මගින් නව්‍ය සහ අද්විතීය මානව සම්පත් ක‍්‍රමවේදයන් විදහා දැක්වූ මෙරට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන ඇගයීමට ලක් කරයි. මානව සම්පත් කළමනාකරණ සමාජය ලෝකයේ වෘත්තීය ක්ෂේත‍්‍රයේ විශාලතම මානව සම්පත් සංගමය වන අතර රටවල් 174 ක සාමාජිකයින් මෙයට ඇතුළත්ය.

    මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිරිනැමූ රන් සම්මාන හතර අතුරින් එකක් දිනාගැනීමට අමතරව බ‍්‍රැන්ඩික්ස් සමූහය වෙත මෙරට හොඳම ප‍්‍රමිතීන් සහ මානව සම්පත් ක‍්‍රමවේද ඇගයීම සඳහා කාණ්ඩ 09 ක් සඳහා ලබාදුන් විශේෂ සම්මාන වලින් ‘කුසලතා කළමනාකරණය’ සහ ‘ඉගෙනීම සහ සංවර්ධනය’ යන අංශ දෙක සඳහාද විශේෂ සම්මාන හිමිවිය. සමූහය විසින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී රන් සම්මානයෙන් පිදුම් ලැබූ පිට පිටම තුන්වන අවස්ථාව මෙයයි. මෙහීදී බුහුමනට ලක්කළ ප‍්‍රධාන ආයතන හතර අතර එකම ඇඟලූම් සමාගම බ‍්‍රැන්ඩික්ස් වූ අතර සමූහයක් ලෙස රන් සම්මානයක් දිනාගත් එකම ආයතනය වූයේද බ‍්‍රැන්ඩික්ස් සමූහයයි.

    ‘අප ව්‍යාපාරයේ ජීවනාලිය වන්නේ අපගේ සාමාජිකයිනුයි. ඔවුන්ගේ පුද්ගලික සංවර්ධනය වෙනුවෙන් මෙන්ම අප සමූහයේ ඉලක්ක ජයගැනීම සඳහා ‘එකම බ‍්‍රැන්ඩික්ස් පවුලක්’ ලෙස කටයුතු කිරීම සඳහා ඔවුන් දිරිමත් කිරීම අප සැමගේම ප‍්‍රමුඛ කාර්යක් වෙනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ප‍්‍රධාන විධායක නිලධාරිි ඉෂාන් දන්තනාරායන මහතා පැවසීය. ‘මේ නිසා, මානව සම්පත් කළමනාකරණ සමාජයේ ඉතාමත් තියුණු විගණනයට මෙහිදී ලක්වී මෙම සම්මාන දිනාගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා. මේ ආකාරයෙන් වසර ගණනාවක් රන් සම්මාන දිනාගැනීමට අප සමත් වුණා.’

    ඔහු මෙහිදී පෙන්වා දුන්නේ පසුගිය අවස්ථා වලදී මෙන්ම මෙවරත් බ‍්‍රැන්ඩික්ස් සමූහයක් ලෙස සලකා මෙම සම්මාන ලබාදී තිබෙන බවත් සමූහයක් ලෙස මෙවැනි සම්මානයක් දිනාගැනීම පහසු කටයුත්තක් නොවන බවයි. එයට හේතුව වන්නේ ඒ සඳහා සමූහයට අයත් සියළු සමාගම්වල මානව සම්පත් ක‍්‍රමවේදයන් තක්සේරු කිරීමට සිදුවන නිසාවෙනි.

    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නවදිල්ලි නුවර පැවති මානව සම්පත් කළමනාකරණ සමාජය විසින් සංවිධානය කළ 2016 මානව සම්පත් සම්මාන ප‍්‍රදානෝත්සවයේදී දකුණු ආසියාවේ (ඉන්දියාව හැර* මානව සම්පත් විශිෂ්ටත්වය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය ජයග‍්‍රහණය හිමිකර ගන්නා ලදී. ජාත්‍යන්තර අංශය වෙනුවෙන් පිරිනැමූ සම්මානය ඉන්දියාවෙන් පිට ආයතනවල මානව සම්පත් සැලසුම් සහ විශිෂ්ට මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කිරීම අගයමින් දකුණු ආසියානු කළාපය වෙනුවෙන් පිරිනැමූ එකම සම්මානය විය.

    මීට අමතරව, මානව සම්පත් ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම සඟරාව වන ‘HR Magazine’ හි මුල් පිටුවේ විශේෂාංගයක් පළවූ ආසියාවේ පළමු සමාගම බවට පත්වීමට බ‍්‍රැන්ඩික්ස් සමත්වූ අතර මෙම සඟරාව රටවල් 174 ක වෘත්තිකයින් 250,000 කට අධික පිරිසක් වෙත බෙදා හැරේ. ඇමරිකාවේ ගූගල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති Laszlo Block විසින් “Work Rules”නැමති කෘතියේ බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ක‍්‍රමවේදයන් පිළිබඳව ධනාත්මකව දක්වා තිබෙන කරුණු හමුවේ සමූහයේ මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමවේදයන් තවදුරටත් බුහුමනට ලක්වී තිබේ.


    බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ප‍්‍රධාන විධායක නිළධාරී, ඉෂාන් දන්තනාරායන මහතා (මැද) සහ සමූහයේ මානව සම්පත් කණ්ඩායමේ සාමාජිකයින් ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී දිනූ සම්මාන ත‍්‍රිත්වය සමග.


    බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ප‍්‍රධාන විධායක නිළධාරී, ඉෂාන් දන්තනාරායන මහතා (මැද) ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී දිනූ රන් සම්මානය සමග.