භාණ්ඩාගාර බිල්පත් පොලියේ දැවැන්ත ඉහළ යාමක්

    March, 2, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (02) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල දැවැන්ත වැඩිවීමක් වාර්තා වී තිබේ.

    මෙහිදී පූර්ව වෙන්දේසිය හා සැසඳීමේ දී,

    දින 91 පොලිය 9.61% සිට 9.33% ක් දක්වා පදනම් අංක 72 කින්,

    දින 182 පොලිය 8.53 සිට 9.885 ක් දක්වා පදනම් අංක 135 කින් හා

    දින 364 පොලිය 8.53% සිට 9.95% දක්වා පදනම් අංක 142 කින්

    ඉහළ ගොස් තිබේ.

    වෙන්දේසිය සඳහා රු. මිලියන 55,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද ලැබුණු ලංසු අනුව පිළිගෙන ඇත්තේ රු. මිලියන 35,953 ක ලංසු පමණි.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.