November, 20, 2019
අද (20) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල සුවිශේෂී පහළ යාමක් වාර්තා වී තිබේ.
මෙහිදී දින 91 බිල්පත් පොළිය 7.56% සිට 7.47%ක් දක්වා සහ දින 182 බිල්පත් පොළිය 7.67% සිට 7.58% ක් දක්වා පදනම් අංක 09කින් පහළ යන ලදී.
අද දින කැපී පෙනෙන සිදුවීම නම් දින 364 බිල්පත් පොළිය 8.51% සිට 8.22% ක් දක්වා පදනම් අංක 29 ක පහළ යාමක් වාර්තා කර තිබීමයි.
අද දින වෙන්දේසියේ දී රුපියල් මිලියන 19,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබේ.
භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ මුදල් වෙළෙඳපොළේ තවත් එක් කොටසකි. ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මුදල් වෙළෙඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවලට විකල්ප ද්‍රවශීලතා සහ ආයෝජන මූලාශ්‍ර සපයයි.
තව ද, භාණඩාගාර බිල්පත් වෙළෙඳපොළෙහි පොලී අනුපාතිකයේ විචලනයන් කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පදනමක් ද ලබා දෙයි. එසේ හෙයින් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ගනුදෙනු පරිමාව හා පොලී අනුපාතිකයන්හි වෙනස්වීම මූල්‍ය ආයතනවල වියදම, ලාභදායිත්වය හා ද්‍රවශීලතාව කෙරෙහි ද බලපායි.
ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවිට වෙළෙඳපොළ කටයුතු හැසිරවීමේ දී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන ඇපකරයක් ලෙස යොදා ගනී.
Video Story