භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලංසු පිළිනොගෙන අවසන් කෙරේ

    October, 31, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (31) කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී කිසිදු ලංසුවක් භාර නොගැනීමට තීරණය වී ඇත.

    අද වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 13,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර එය දින 91 පරිණත කාලයෙන් යුතු රුපියල් මිලියන 3,000 ක බිල්පත් ප්‍රමාණයකින් හා  දින 364 පරිණත කාලයෙන් යුතු රුපියල් මිලියන 10,000 ක බිල්පත් ප්‍රමාණයකින් සමන්විත විය.

    මෙහිදී දින 91 හා දින 364 බිල්පත් සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 4,174 හා රුපියල් මිලියන 19,660 බැගින් රුපියල් මිලියන 23,834 ක ලංසු ලැබී තිබිණි.

    කෙසේ වෙතත් මෙහිදී ලැබී තිබිණු කිසිදු ලංසුවක් හෝ පිළිනොගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දැක්වේ.