භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 5 දක්වා පහළට

    January, 28, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල විදේශ ආයෝජන සීමාව, පවත්නා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

    2019 ජනවාරි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.