මඩකලපුවේදී හයවන වරටත් මොබිටෙල් 4G Nation ජයග‍්‍රාහකයන්ට හෙලිකොප්ටර් සවාරියක් ලබාදේ

    December, 20, 2018

    මෑතකදී මොබිටෙල් හයවෙනි වරටත් සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින් සඳහා ජීවිතයේ සදා අනුස්මරණීය හෙලිකොප්ටර් චාරිකාවක අත්දැකීම ලබාදෙන ලදී. මෙම සුවිශේෂී මුලපිරීමේ වැඩසටහන සුවිසල් 4G ආවරණයක් වෙනුවෙන් මොබිටෙල් රටපුරා කළ ව්‍යාප්තිය දැකගැනීම සහ විනෝදාස්වාදය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළේය. සමස්ත ශ‍්‍රී ලාංකිකයින් මොබිටෙල් 4G සුවිසල් ව්‍යාප්තිය උදෙසා දැනුවත් කිරීම මෙහි අරමුණයි.

    මීට පෙර ගාල්ල, අම්පාර, අනුරාධපුර, ත‍්‍රීකුණාමලය හා මීගමුව යන දිස්ත‍්‍රික්කයන්හි සංවිධානය කළ මෙම 4G ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාව මෙවර සිය හයවන පියවර සනිටුහන් කළේය. ”මොබිටෙල් ඔබ සමඟයි සැමදා” යන උද්දෘත පාඨය සැබෑවක් කරමින් ලංකාව පුරා විසිරී සිටින සියලූම ජනතාවට ඉතා පහසුවෙන් 4G අන්තර්ජාල අත්දැකීමක් සමීප කරනු වස් මොබිටෙල් සැමදා වෙහෙසෙයි. පියාසැරිය ආරම්භ කිරීමට පෙර ජයග‍්‍රාහකයන් සම`ග සිටින ඡායාරූපය මෙහි දැක්වේ.