July, 26, 2019
ආන්දෝලනයට ලක්ව ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබී තිබෙන රුපියල් බිලියන 3ක මුදල්, මෙරට බැංකුව විසින් වාර්තා කර ඇත්තේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වශයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආර්.ආර්. ජයරත්න මහතා පවසයි. අද (26) දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ප්රශ්නය - හිස්බුල්ලා මහතා සම්බන්ධ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධ මුදල් ගනුදෙනු ප්රශ්නවලදී, ඔබතුමා සඳහන් කළ කාරණයක් තමයි මේ සමහර ගනුදෙනු සඳහා නීතිමය පියවර ගන්න බැරි වුණේ දැනට පවතින විනිමය පාලන පනතේ තිබෙන අඩුපාඩු නිසා කියන එක?
පිළිතුර - මම කලින් කාරක සභාවේ දී පවසා සිටියේ, ඒ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු 2017 නොවැම්බර් 20 ට පෙර සිදුවූ කරුණු. 2017 නොවැම්බර් 20ට කලින් තිබුණේ විනිමය පාලන පනත. අද වන විට, ඉවත් කරන ලද විනිමය පාලන පනත යටතේ පියවරක් ගැනීමේ නීතිමය ඉඩක් නැහැ. පැවති විනිමය පාලන පනත යටතේ ඒ පැවති කාලයේ තමයි මේ මුදල් ලැබී තිබුණේ එදා ලංකා බැංකුවව පැවසූ ආකාරයට.
ලංකා බැංකුවට ඒ ගොල්ලෝ කියලා තිබ්බේ නැහැ මේක ණයක් කියලා. මම ඊයෙත් කම්පලයන්ස් ඔෆිසර්ට කතා කළා, මේ වන තෙක් මේක ණයක් කියලා ලංකා බැංකුව දන්නේ නැහැ. මේක ණයක් වශයෙන් ගත්ත එකක් බව ලංකා බැංකුව නිල වශයෙන් පිළිගන්නේ නැහැ.
එදා පැවති විනිමය පාලන පනත යටතේ ණයක් ලබා ගන්නවා නම්, අපි ජෙනරල් පර්මිෂන් එකක් දීලා තිබ්බා 2013 සිට 2015 දක්වා සහ 2015 මැද සිට 2017 දක්වා. ඒ ජෙනරල් පර්මිෂන් එක තුළ ආවා නම්, බැංකුව මීට වඩා දේවල් කරන්න ඕනේ. ණයක් වශයෙන් නම්, external commercial borrowings scheme කියලා ණයක් ලබා ගැනීමේ ක්‍රමයක් තිබුණා. එහෙම නම්, ඒ බැංකුවට මේක ණයක් කියන්න ඕනේ, ණය ගිවිසුමේ කොපියක් දෙන්න ඕනේ. කොන්දේසි දෙන්න ඕනේ. මේක ආපහු ගෙවන්නේ කොහොමද කියන එක දෙන්න ඕනේ. එහෙම ආවා නම්, එදා ණයක් වශයෙන් ගත්තා නම්, ඒක ආපසු ගෙවන්න ජෙනරල් පර්මිෂන් එකෙන් ඉඩ තියෙන්නේ. මේක ආපසු ගෙවන්න බැංකුවට ජෙනරල් පර්මිෂන් එකක් නැහැ.
ප්රශ්නය - එතකොට මේ මුදල් එන්නේ කවර ආකාරයෙන් ද කියන ප්රශ්නය සම්බන්ධයෙන් තියෙන නීතිරීති රාමුව තුල මොන ආකාරයෙන් පැමිණි මුදල්ද සම්බන්ධයෙන් නිර්වචනයක් අවශ්‍ය වෙනවා?
පිළිතුර - මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවෙන් තොරතුරු විමසීමක් කළා. මුදල් ලැබීම swift මැසේජ් හරහා ලැබී තිබෙන්නේ. සාමාන්‍යෙයන් swift මැසේජ් එකේ මුදල් එවන කාරණාව දාන්න ඕනේ. නමුත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ නිසා ඒ කිසිදු මැසේජ් එකකවත් purpose එක සඳහන් කරලා නැහැ.
Personal transfers වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ලංකා බැංකුවේ තියෙන තොරතුරු පද්ධතියේ හැටියට එහෙම purpose එකක් හඳුනා ගන්නේ නැති නිසා ඒගොල්ලෝ ඒක workers’ remittances විදියට තමයි ඒගෝල්ලේ වාර්තා කරලා තියෙන්නේ. ඒක වරදක්. personal transfers කියලා category එකක් ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ නැහැ.
ඔය ප්‍රශ්නේ මම ඇහුවා. ගනුදෙනු ගණනාවක් තිබෙනවා. ලංකා බැංකුව මේ බව වාර්තා කරන්න ඕනේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවට. නමුත් ඒ ගොල්ලන්ගේ පද්ධතියේ තාක්ෂණික හේතුවක් නිසා ගනුදෙනු රාශියක් වාර්තා කරලා නැහැ.
ප්රශ්නය - workers’ remittances අර්ථ දක්වලා තියෙන්නේ විදේශ රැකියා කරන අය එවන මුදල් විදියට?
පිළිතුර - ඒගොල්ලෝ කාණ්ඩයත් දක්වා නැති සියල්ල දාන්නේ worker remittances විදියට. ඇත්තටම ලංකා බැංකුව වැරදියි මෙතනදී, ඒගොල්ලන්ගේ පද්ධතියේ මේ බව දක්වන්න තැනක් නැහැ. Personal transfers කියලා එන්නේ. ඒගොල්ලෝ නැති ඒවා ඔක්කෝම workers’ remittances විදියට දානවා. මම ඇහුවා මේ වගේ විශාල මුදලක් workers’ remittances වෙන්න පුළුවන්ද කියලා? ඒගොල්ලන්ගේ පද්ධතියේ යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා මේ බව වාර්තා වෙලා තිබ්බේ නැහැ. මම මේ පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ෂනයක් පටන්ගත්තා ඇයි එහෙම වාර්තා නොකළේ සහ දැන් ඒ සම්බන්ධයෙන් ලංකා බැංකුව අභ්‍යන්ත විගණනයක් කරනවා කියලා මට දැනුම් දීලා තිබෙනවා. වාර 7කදී බැටික්ලෝ කැම්පස් එකට, වාර 15 කදී හීරා පදනමට මුදල් ලැබී තිබෙනවා.
Video Story