July, 30, 2019
මඩකළපුව විශ්වවිද්‍යාලය සඳහා විදේශයන්ගෙන් මුදල් ලැබීමේ දී ඒවා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ බවට බැංකුව විසින් සඳහන් කර තිබීම තමන්ට අදාළ කරුණක් නොවන බවත්, තමන් ද ඒ බව දැනගත්තේ නොබෝදා මහ බැංකු නිලධාරීන් විසින් පාර්ලිමේන්තු කාරක සභාවේ දී කරුණු දක්වන ලද අවස්ථාවේ දී බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා පවසයි. අද (30) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අවධාරණය කළේය.
“ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. සල්ලි එවන්න ඕන විදියට අපි විස්තර දුන්නා. swift ක්‍රමය ගැන තොරතුරු දුන්නා. ඒ ගොල්ලෝ සල්ලි එව්වා. මහ බැංකුව රිලීස් කළා. ලංකා බැංකුවට ආවා. ලංකා බැංකුවත් රිලීස් කළා. අපිට ආවා. වෙන වෙන ක්‍රම තියෙනවා නම් අපිට දැනුම් දෙන්න ඕනේ, මහ බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන්. එක පාරක් ආපුවාම අයින් කර ගත්තා කියමු. අවුරුදු 2ක් 7 පාරක් ඇවිල්ලා තියෙනවා. ඒක ඒ ගොල්ලන්ගේ වගකීම. ඒක අපේ වගකීමක් නෙමෙයි. ඒගොල්ලෝ අපිට කියන්න ඕනේ මේ විදියට එවන්න ඕනේ කියලා. අපි බැංකුවට සල්ලි එවන්න ඕනේ ක්‍රමය ඇහුවම අපිට දුන්නා swift ක්‍රමය. ඒ විදියට සල්ලි ආවා. වෙන මොනවා හරි ක්‍රමයක් තියෙනවා නම්, ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ“, යැයි හිස්බුල්ලා මහතා මෙහිදී කියා සිටියේය.
මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ පවසන ලදී.
ප්රශ්නය - swift ක්‍රමයට මුදල් එවීමේ දී එහි හේතුව සඳහන් කර නැතිනම්, ඒවා විදේශ විනිමය විදියට සිස්ටම් එකේ අප්ඩේට් වෙන බව ඔබතුමා පුද්ගලිකව දැනගෙන හිටියාද?
පිළිතුර - අපි හේතුව හොඳටම කියලා තියෙනවා. මොනවටද සල්ලි ආවේ කියලා දන්නේ නැතුව, සල්ලි දෙනවාද බැංකුවෙන්. අපි උසස් අධ්‍යාපන ආයතන හදන්න, මේක BOI ආයතනයක්, BOI අනුමැතිය තියෙනවා, සියලු අනුමැතීන් අරගෙන තියෙනවා, උපි උසස් අධ්‍යාපන ආයතනයක් හදනවා කියලා බැංකුවට අපි කියලා තියෙනවා, ඒකට සල්ලි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සල්ලි ගත්තේ හේතුව පැහැදිලිව කියලා.
ප්රශ්නය - swift ක්‍රමයට සල්ලි එවීමේ දී හේතුව සඳහන් කළ යුතු වන්නේ නැහැ. ඒක ලංකා බැංකුවේ අප්ඩේට් වෙන්නේ remittance එකක් විදියට. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත් වෙලා හිටියාද?
පිළිතුර - ඒක අපිට සම්බන්ධයක් නැහැ. මමත් මේක foreign remittance විදියට දාලා තියෙනවා කියලා දැනගත්තේ එදා (පාර්ලිමේන්තු කාරක සභාවේදී) මහ බැංකුවේ නිලධාරීන් කියන කොට. ඒක බැංකුව remittance කළා කියලා අපි දන්නේ නැහැනේ. මොනවාද remittance කියලා මාර්ක් කරලා තියෙන්නේ, මොන විදියට මහ බැංකුවට දැනුම් දීලා තියෙනවාද කියලා, අපි දන්නේ නැහැ.
Video Story