මත්තලින් යුක්‍රේනයට මාළු කිලෝ 650ක්

    January, 11, 2021

    පළමු වතාවට මත්තලින් පරිභෝජනයට සුදුසු මත්ස්‍ය තොගයක් අපනයනය කෙරේ

    කිලෝ 658.8 ක ධාරිතාවයකින් යුත් පරිභෝජනයට සුදුසු මත්ස්‍ය තොගයක් අපනයනය කිරීම පසුගිය (08) දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුකෙරිණි. මෙහි සුවිශේෂී කරුණ වන්නේ එදින PQ-555 දරණ යුක්‍රේනය බලා ගමන් කළ මගීන් රැගත් ගුවන් යානය තුළම ගුවන් භාණ්ඩ වශයෙන් මෙම පරිභෝජනය සඳහා වන මත්ස්‍ය තොගය අපනයනය සිදු කිරීමයි.

    මෙම ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර, වැඩි ධාරිතාවයකින් යුත් පරිභෝජනය සඳහා වන මත්ස්‍ය අපනයනයන් ඉදිරියේ දී සැලසුම් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (පුද්) සමාගම පවසයි.