මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො. 812,000 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

    March, 13, 2018

    2018 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටො. 812,000 දක්වා ඉහළ නැංවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    2017 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො. 389,500ක් විය. ඉන් මසුන් මෙ. ටො. 335,750ක් කරදිය අංශයෙන්ද, මිරිදිය අංශයෙන් මෙ.ටො. 53,750ක් ද වශයෙන් නිෂ්පාදනය කරනු ලැබීය.

    ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න මෙ.ටො. 434,000ක් ද, ජලජීවි වගාව තුළින් මෙ. ටො. 140,000ක් ද, මිරිදිය අංශයෙන් මෙ. ටො. 238,000ක් වශයෙන් අස්වැන්නක් නෙලා ගැනීම ඉළක්ක කර තිබේ.

    මෙම ඉළක්ක ජයගැනීම සඳහා පසු අස්වනු නාස්තිය අවම කිරීම, නව ශීතාගාර පහසුකම් ලබා දීම, නව තාක්ෂණික උපකරණ සහිත ධීවර බෝට්ටු හඳුන්වා දීම, සියයට 50 සහනාධාර පදනම යටතේ විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා ධීවර කාර්මිකයින් වෙත ලබා දීම, හා වගකීමෙන් යුත් ධිවර කර්මාන්තයක් සඳහා ධීවර කාර්මිකයින් උනන්දු කරවීම වැනි පියවර රැසක් ගැනීමට කටයුතු කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.