මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා සූදානම්

    August, 20, 2018

    ඉන්දියාවේ  මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය (MHRD) සහ ඉන්දීය රජය විසින් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලය ඉන්දියාවේ වඩාත් පිළිගත් විශ්ව විද්‍යාලය ලෙස නම් කරමින්  “විශිෂ්ටතම ආයතනය“ බවට පත් කරයි. 2018 ජුලි මාසයේදී මෙම විශ්ව විද්‍යාලය මෙම සම්මානයෙන් පුදනු ලැබීය.
    මෙම අවස්ථාවට එක්වූ මනිපායි ඇකඩමි උසස් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුළපති ආචාර්ය එච් විනෝද් බාත් මහතා සඳහන් කළේ මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය  ඉදිරි වසර දෙක තුළ නව විශ්ව විද්‍යාල 3ක්  ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. ඉන් පළමුවැන්න බැංගලෝර් හි ඉදිකෙරෙන අතර දෙවැන්න ජම්ස්පුර් හිදී ඉදිකෙරෙන අතර තුන්වැන්න  ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන බවයි.
    ලෝකයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල රැසක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන  MAHE හෙවත් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු දිරිගැන්වීම සඳහා කටයුතු කරමින් සිටියි.මෙම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවන් රැසක් මේ වන විට ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් බවට පත්ව සිටියි. මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරි සත්‍ය නඩෙල්ලා, නොකියා ප්‍රධාන විධායක නිලධාරි රජිව් සූරි ආදීන් මෙම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෝ වෙති.මෙයින් පැහැදිලි වන්නේ MAHE උපාධි සඳහා වන ජාත්‍යන්තර පිළිගැනීමයි.
    ජාත්‍යන්තර ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක් බවට පත්වීම සඳහා වන සියලු සුදුසුකම් මෙම විශ්ව විද්‍යාලය සපුරා ඇති බවත් නුදුරේදීම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් බවට පත්වනු ඇති බවත් එහි උපකුලපති එච් විනෝද් බාත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
    වෘත්තීය විද්‍යාල 22 කින් සමන්විත මෙම විශ්වවිද්‍යාලය නේපාලය , ඩුබායි රාජ්‍යය,ඇන්ටිගුවා සහ මලයාසියාව ආදී රටවල  විශ්ව විද්‍යාල පවත්වාගෙන යන අතර නුදුරේදීම ශ්‍රී ලංකාවේද විශ්වවිද්‍යාලයක් ඇරඹීමට සූදානමින් සිටියි. පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට මෙන්ම මෙරට සිසු සිසුවියන්ට විධිමත් ඉහළ අධ්‍යාපනයක් ලබාගැනීමට MAHEමඟින් පුළුල් අවස්ථාවක් උදාකරදෙයි.
    මෙම විශ්ව විද්‍යාලය විසින් ජාත්‍යන්තර රැකියා අවශ්‍යතා වලට සරිලන විද්‍යාර්ථින් බිහිකිරීම ඉලක්ක කරගනිමින් පාඨමාලා පවත්වන අතර මේ වනවිට ජාතීන් 69 ක සිසුන්  34,000 කට අධික පිරිසක් මෙහි ඉගෙනුම ලබමින් සිටියි. මේ වන විට මෙම විශ්ව විද්‍යාලය මඟින් බිහිකර ඇති උපාධිධාරීන්  134100 ක් ලොව පුරා විවිධ වෘත්තීන්හි නිරතව සිටියි. MAHE ශ්‍රී ලංකාවේ සිය කටයුතු ඇරඹිම තුළින් මෙරට සිසු සිසුවියන්ට ද ජාත්‍යන්තර පිළිගැනීම සහිත උපාධියක්  හිමිකරගැනීමට අවස්ථාව  සලසා දෙනු ඇත.
    ආචාර්ය ටී. එම් ඒ පායි මහතාගේ සංකල්පයක් අනුව වරේෂ 1953 වෛද්‍ය විද්‍යාලයක් ලෙසින් ඇරඹි මෙම විශ්ව විද්‍යාලය වර්ෂ 1993 දී ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමට ලක්වූ  විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක් බවට පත් විය. ඉන්දියාවේ මනිපාල් හා මැංගලූරු ප්‍රදේශවල විශ්ව විද්‍යාල තුනක් පවත්වාගෙන යන MAHE විසින් වෛද්‍ය, දන්ත, ෆාමසි, හෙද,ඉංජිනේරු, ගෘහ නිර්මාණ, කළමණාකරණ,සමාජ විද්‍යා මාධ්‍ය හා සන්නිවේදන  ආදී විෂය ක්ෂේත්‍ර ඔස්දෙස් පාඨමාලා 600 කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබයි.