මහජන බැංකුවේ නවීකරණය කළ තලවාකැලේ ශාඛාව සහ අභිනව ස්වයං බැංකුකරණ ඒකකය විවෘත වේ

    March, 6, 2017

    නවීන පහසුකම් සහිතව නවීකරණය කළ මහජන බැංකුවේ තලවාකැලේ ශාඛාව සහ අභිනව ස්වයං බැංකුකරණ ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි.

    කොළඹ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර ඇති අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විත මෙම ශාඛාව තුළින් සියලූම බැංකු කටයුතු මෙන්ම උකස් සේවා හා විවිධ ණය සේවාවන් ඇතුළු පහසුකම් රැසක් සැලසේ.

    මෙහි ස්ථාපිත ස්වයං බැංකුකරණ ඒකකයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) මගින් මුදල් ආපසු ගැනීම, (කාඩ්පත් සහිත/රහිත) ගිණුම් ශේෂය විමසිම, රහස්‍ය අංකය වෙනස් කිරිම, යන සේවාවන් ලබාගත හැක. මුදල් තැන්පතු යන්ත්‍රයෙන් (CDM) මුදල් තැන්පත් කිරිම (කාඩ්පත් සහිත/ රහිත), මුදල් ම`ගින් බිල්පත් ගෙවීම (කාඩ් රහිත) සහ ගිණුම් ශේෂයනA පිරික්සීම සිදුකර ගත හැක. ඒ අනුව ඩයලොග් දුරකථන හා ටීවි බිල්පත්, මොබිටෙල් බිල්පත්, ටෙලිකොම් බිල්පත්, Lanka Bell බිල්පත්, විදුලි බිල්පත් (CEB/LECO) හා ජල බිල්පත් ගෙවීය හැක.

    මෙම ශාඛාව මගින් භාෂා ත්‍රිත්වයෙන්ම ගනුදෙනුකාභවතුන්ට සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. ආකර්ශනීය අභ්‍යන්තර හා බාහිර පරිසරයකින් ද සමන්විත මෙම ශාඛාවේ තවත් විශේෂ්වයක් වනුයේ වැඩි වාහන සංඛ්‍යාවක් නැවැත්වීමට හැකි වන පරිදි වාහන නැවැත්වීමේ පහසුකම් සහිත වීමය.

    තවද, මෙම ශාඛාව ආරක්ෂිතාගාර පහසුකම් වලින් ද සමන්විත වේ.

    මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර ණය) කේ. බී. රාජපක්ෂ , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගල කේනද්‍රීය බැංකු කටයුතු) ලයනල් ගලගෙදර, නුවරඑළිය ප්‍රාදේශීය කළමනාකාරු ප්‍රසාද් කාරියවසම්, තලවාකැලේ ශාඛා කළමණාකරු ඒ. එම්. ඩබ්. අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.