මහජන බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 05කින් ඉහළට

    June, 7, 2017

    බැංකු ක්ෂේත්‍රයේ පවතින රෙගුලාසි, අධීක්ෂණය සහ අවදානම් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් බැංකුවල ප්‍රාග්ධන නියාමනය පිළිබඳ හඳුන්වා දී ඇති බාසල් III ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මහජන බැංකුවේ ප්‍රාග්ධනය තවත් රුපියල් බිලියන 05කින් වැඩි කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

     

    මහජන බැංකුව ආරම්භ කර මේ වන විට වසර 55ක් පමණ ගත වී ඇති අතර, මේ වන විට බැංකුව සතු ඒකාබද්ධ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.4ක් දක්වා වැඩි වී තිබේ.

     

    එය ආසියාවේ බැංකු අතර 387 වන ස්ථානයට පත්ව ඇති අතර, දේශීය ශ්‍රේණිගත කිරිම් අනුව මෙරට දෙවැනි විශාලතම බැංකුව ද වේ.

     

    මේ වන විට බැංකුව සතුව සේවා මධ්‍යස්ථාන 737ක් පවතින අතර, මුළු ගිණුම් සංඛ්‍යාව මිලියන 18කට ආසන්න වේ.