මහනුවර රු. බිලියන 1.5ක කොන්ත්‍රාත්තුවක් MAGA ට

    November, 18, 2025

    මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජාතික තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

    ඒ සඳහා ලංසු 5ක් ලැබී ඇති අතර, ලංසු 4ක් තාක්ෂණික වශයෙන් ප්‍රතිචාරාත්මක ලංසු වශයෙන් තීරණය කරනු ලැබ තිබේ.

    එම ලංසුවලට අදාළ මූල්‍ය ලංසු ඇගයීමෙන් අනතුරුව, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 1.53ක (වැට් රහිත) මුදලකට මාගා ඉංජිනියරින් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.

    ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates