මහනුවර සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ

    March, 8, 2018

    මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සංචාරකයින්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයේ විශේෂයෙන් සළකා ක්‍රියා කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවත් මේ වනවිට මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ගේ ආරක්ෂව සම්බන්ධයේ ගැටළුවක් නොමති බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් සම්බන්ධයෙන් ගන්නා ආරක්ෂාව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ජනාධිපති ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    එහිදී අඳහස් දැක්වූ;

    ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා-

    සංචාරකයින්ට ගැටලුවක් ඇති වී තිබෙන බවට වාර්තා වී නෑ. ඇදිරි නීතිය පවතින අවස්ථාවේ සංචරය නොකිරීම වැදගත්. සංචාරකයින් සම්බන්ධව ගැටළුවක් තිබෙනවා නම් ඔවුන්ගේ ආරක්ෂව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නවා.

    අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා-

    විදේශිකයෙක් හෝ ලාංකික පුරවැසියෙක් හෝ නුවර ප්‍රදේශයේ ඇදිරිනීතිය අවස්ථාවේ අතරමංවි සිටී නම් හැකියාව තිබෙනවා, ආසන්න ම පොලිස් ස්ථානයට ගොස් බලපත්‍රයක් ලබාගැනීමට.මේ සම්බන්ධව මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයට දන්වන්නම්, එවැනි තත්ත්වයක් උද්ගතව තිබෙනවා නම් අවශ්‍ය පියවර ගන්න කියලා.

    Image courtesy, intrepidtravel.com