මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට

    December, 24, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ.

    ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අද දෙරණ වෙත වාර්තා වේ.

    1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.