මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් “Maximile” මහින්ද්‍රා ජෙනුයින් ඔයිල්, ලංකා IOC සමග එක්ව හඳුන්වා දෙයි

    November, 28, 2018

    ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වටිනාකමින් යුතු මහින්ද්‍රා සමූහයට අනුබද්ධිත සමාගමක්වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පසුගියදා Maximile මහින්ද්‍රා ජෙනුයින් එන්ජින් ඔයිල් යළි හඳුන්වා දුන්නේය. මේ අනුව මහින්ද්‍රා සමාගම "Maximile" සන්නාමය යටතේ මහින්ද්‍රා වාහන සඳහා ලංකා IOC එන්ජින් සහ ගියර් ඔයිල් ප්‍රවර්ධනය කරයි.

    අයිඩියල් සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා, ජාත්‍යන්තර මෙහෙයුම්-වාහන අංශයේ පාරිභෝගික සේවා ප්‍රධානී කේ. රවී, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ මෙරට ප්‍රධානී සාගර් භාද්කම්කර්, අයිඩියල් මෝටර්ස් සමාගමේ වාහන අංශයේ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න, ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    "ප්‍රමුඛතම ලිහිසි තෙල් සන්නාමයක් වන ලංකා IOC සමග අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. විශේෂයෙන් සකස් කරන ලද අසමසම ප්‍රමිතියෙන් යුතු ජෙනුයින් එන්ජින් ඔයිල් මහින්ද්‍රා වාහනවල දිගුකල් පැවැත්මට සහ ක්‍රියාවලියට මැනවින් යෝග්‍ය වනවා. ලංකා IOC සතු ශක්තිමත් කීර්ති නාමය, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සහ පුළුල් බෙදාහැරීම් ජාලය මෙන්ම අයිඩියල් මෝටර්ස් සතු දීපව්‍යාප්ත ජාලය සමග පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට මෙම සබඳතාව බෙහෙවින් උපකාරී වනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ උප සභාපති සංජේ ජාදව් මහතා සඳහන් කළේය.

    මෙහිදී අදහස් පළ කළ අයිඩියල් සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, පසුගිය දශකයකට අධික කාලයක පටන් මහින්ද්‍රා සමාගම සමග පවතින සබඳතාව පිළිබඳ තමන් ආඩම්බර වන බවය. "වර්තමානයවන විට අප මෙරට අංක 1 පික්අප් සන්නාමය බවට පත්ව තිබෙනවා. 50,000කට අධික මහින්ද්‍රා වාහන ප්‍රමාණයක් මෙරට තුළ ධාවනය වන බැවින් එම වාහන සඳහා නියම ආරක්ෂාවක් ලබාදීම වැදගත් වනවා. ලංකා IOC Maximile එන්ජින් ඔයිල් මගින් එන්ජිමේ ආයු කාලය වැඩි කරන අතර මල බැඳීම අවම කර දිගුකාලයක් රැඳී පවතින නිසා වාහනයේ නඩත්තු පිරිවැය ද අඩු වනවා" යනුවෙන් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.