මහ බැංකුවට අළුත් නියෝජ්‍ය අධිපතිවරයෙක්

    July, 14, 2014

    පසුගිය වසර හයහමාරක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ පී. සමරසිරි මහතා ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස උසස් කර තිබේ.

    සහකාර අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කළේය.

    කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය ලබා තිබෙන හෙතෙම මහ බැංකුවට 1983 වසරේදී එක්ව තිබේ. 1991 දී ඇමරිකාවේ කන්සාස් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.